(සුජිත් හේවාජුලිගේ)
තංගල්ල නාවලපිටිය සහ වැලිගම නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බව සඳහන් කරමින් ගැසට් නිවේදන තුනක් එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් අද (17) නිකුත් කරනු ලැබීය.
මේ අනුව මෙසේ තනතුරු අතහැර ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු දිල්ශාන් ,නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව ෂා වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ධනුෂ්ක විජයරත්න ජයවික්‍රම යන තිදෙනාය.
මෙම තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති හෙයින් ඔවුන් විසින්ම එම තනතුරු අතහැර දමනු ලැබ ඇතැයි ඒ ගැසට් නිවේදනවල සඳහන්වේ .
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10අ (1)(අ) වගන්තිය යටතේ තංගල්ල නගර සභාව සභාවේ තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ ,නාවලපිටිය නගර සභාවේ තේරීම්භාර තේරීම් භාර නිලධාරී එම් එම් එස් බණ්ඩාර සහ වැලිගම නගර සභාවේ තේරීම් භාර නිලධාරීනී පෝෂිතා කෞමදී යන අය විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත .
මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා ශාලාවේදී ඊයේ(17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසුවේ තමා තනතුරින් ඉවත් වුණත් නගර සභාවේ උප සභාපතිවරයා සභාපති පුටුවට පත් කරන බවයි .
තමාට සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරය ලබාදී ඇති බවත් වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට නාවලපිටියේ ජනතාව සමග එකතු වී තමාට කළ හැකි උපරිම දේ කරන බවත් ඔහු සඳහන් කළේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම නගර සභාපතිවරු තනතුරු අත්හරිති