අනීෂා මානගේ
තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසකට රතිඤ්ඤා දල්වා දැමීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු පවසති.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වන කළුආරච්චිගේ සමන් කුමාර නම් අයෙකි.
තංගල්ල කාර්ල්ටන් නිවෙසේ ආරක්ෂක නිලධාරීයකු ලෙස සේවය කරමින් සිටින තංගල්ල විතාරන්දෙණිය ඉහළගොඩ ප්‍රදේශයේ පදිංචි ඕබඩආරච්චිගේ සමන්ත චන්දන නම් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසට මෙලෙස රතිඤ්ඤා දල්වා දැමීම නිසා දෙපිරිස අතර ආරවුලක් හට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් අතර පොලිස් සැරයන්වරයාත් සැරයන්වරයාගේ පුංචි අම්මා නම් කාන්තාවක සහ අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොහොයුරා ද සිටිති. ඔවුන් වීරකැටිය දිසා රෝහලේ සහ තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට