(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ දිනවල කොළඹ නගරයට පැමිණීම දැඩි ජීවිත අවධානමකට ලක්වීමක් බැවින් කොළඹට එන්න පෙර වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම එය අත්‍යාවශ්‍යදැයි සිතා බලා හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙස ඇය ඉල්ලා සිටී.
කොළඹ නගරය පුරා කොරෝනා වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් වාර්තාවන බවත් දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බවත් ඇය පැවසුවාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා මර්දනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් රට දිනෙන් දින ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට ගමන් කරමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.
පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්ක සහ නගර සභා බල ප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස කොළඹ දිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගනේ ඉල්ලා සිටින බව රෝසි සේනානායක මහත්මිය කීවාය.
පවතින දරුණු වසංගතය පාලනය කිරිමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බව ද ඇය පැවසුවාය.
එබැවින් කොළඹින් ලබාගැනීමට අවශ්‍ය සේවා හැකිතාක් මාරගගත ක්‍රමයට ලබාගැනීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, හැකිතරම් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම, ආපනශාලා, සුපිරි වෙළඳසැල් ආදියට ඇතුළුවීමේදී ඒවාගේ ඇති ඉඩ පහසුකම් හා සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත්වීම, වැදගත් බව ද ඇය කීවාය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
“තත්වය භයානකයි අත්‍යාවශ්‍ය දෙයකට හැර කොළඹට එන්න එපා’’
pakeer Monday, 16 August 2021 12:37 PM
කොළඹ එන්නේ රස්ස්සාව කරන්න .පඩි ඕනේ නැහැ .රට වහන්න .එතකොට ගෙදරට වෙලා ඉන්නම් .වතුර හරි බීලා ඉන්නම් .ඔක්සිජන් නැතුව ඉන්න බැහැ .රට වහන්න නිල විදිහට .ඒකට බලය තියෙන්නේ රජයට
Chinthaka Monday, 16 August 2021 01:10 PM
කොළඹ පුද්ගලික අංශයේ සේවය කරන අයට කොහොමද එහෙම කියන්නේ? නිල වශයෙන් රට වැහුවේ නැතිනම්... රස්සාවට නොගිහින් මොනවා කරන්නද? ආසාධිත වෙලා මැරෙනවා ඇරෙන්න.
Bamunuarachchi Monday, 16 August 2021 05:13 PM
ඔන්න ඕකයි නියම කතාව... කොළඹ එ්ම කොහොම වෙතත් ගෙයින් දොට්ට බහින්න එපා...!!!
Sunday Sinhala Tuesday, 17 August 2021 08:20 AM
පුද්ගලික ආයතන පට ගාලා සේවකයින්ව බලෙන්ම එන්නත් කරවනවා. රජයෙන්වත් එහෙම බල කරන්නෙ නෑ. කියන්නෙ සමාජ වගකීමලු. එන්නත් කළ නොකළ හැමෝටම ආයෙත් ආයෙත් හැදුණත්, පුද්ගලික සේවකයගෙ ජීවිතේ තීරණය හාම්පුතාලගෙ අතේ. පණ බෙරගෙන ගෙදර හිටියොත්, රස්සාව නෑ. රස්සාව කරන්න ගෙදරින් ගියොත්, ජීවිතේ නෑ. දෙයියන්ගෙ නාමෙට කියපල්ලකො, අපි මොකද කරන්නෙ එතකොට.. සාමන්‍ය මිනිස්සුන්ට හෙන ප්‍රශ්න යකුනේ..
kamalTuesday, 17 August 2021 12:26 PM
දැන් සැපද .ඊළඟ පාර නාමල් බේබිට දෙන්න.එයා ගොඩ දායි ඔයාලාව .නිකන් පඩි ගන්න හදන්න එපා.වැඩට ගිහින් වැඩ කරලා පඩි ගන්න .මැරෙනකම් හරි කාල බීල ඉන්න එපැයි
BamunuarachchiWednesday, 18 August 2021 10:37 AM
ඔහෙට ප්‍රශ්නය තිබෙන්නේ නාමල් බේබි එක්කද පාලනයත් එක්කද? පාලනය හොඳට කෙරෙනවා නම් නාමල් බේබි මොකද? ඩේසි ආච්චි මොකද? රාජිත හිටියොත් චතුරට දේවි.. එතකොට හොඳද? එයා පෙළපාලි ගියේ අවුරුදු 5 දීලු....