(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල මහ නගර සභාවේ අයවැය පිට පිටම තෙවරක් පරාජයට පත්වීම නිසා දින 11කට පෙර ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයන් ධුරයෙන් ඉවත් කළ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි පිරිසකගෙ ජන්දයෙන් යළි නගරාධිපති තේරී පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ජන්දයෙන් ප්‍රියන්ත අමරසිරි මහතා තේරී පත්ව නගරාධිපති තනතුරේ කටයුතු කරන අතරතුර පිට පිටම තෙවරක්ම අයවැය පරාජයවීම නිසා අකර්යක්ෂම සේවයක් නගර සභාව තුළ පැවතීම හේතුවෙන් ප්‍රියන්ත මහතා නගරාධිපති තනතුරින් ඉවත් කළේය.
යළි නගරාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහ නගර සභා පුරහලේ රැස්වීම් ශාලාවේදි පැවති මහා සභාරැස්වීමේදි සභිකයින් අතර විවෘත්ත ජන්දයක් පවත්වා නගරාධිපතිවරයා තෝරා පත්ගැනීම සිදු විය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි යසන්ත චන්දිම දසානායක මහතා හිටපු උප නගරාධිපති අසිත නලින්ද රංගේ බංඩාර මහතාගේ නම යෝජනා කළ අතර එම යෝජනාව එම පක්ෂයේම මන්ත්‍රි ප්‍රසන්න ප්‍රිය එදිරිසිංහ මහතා විසින් ස්ථීර කළේය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සෙල්වප්පා සුරේෂ් මහතා හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම මන්ත්‍රි අචල මහානාම මහතා එය ස්ථීර කළේය.
ඉන් අනතුරුව පැවති විවෘත්ත ජන්දයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනකු හැර සියලුම දෙනාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සියලු දෙනා හිටපු නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට ජන්ද ලබාදුන් අතර ඔහුට පක්ෂව ඡන්ද 15ක් හිමි විය.
හිටපු උප නගරාධිපති අසිත නලින්ද රංගේ බංඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී සුජාතා දමයන්ති මහත්මිය ද සමග ජන්ද හයක් අසිත නලින්ද රංගේ බංඩාර මහතා හිමිව තිබිණ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තනතුරින් පහකළ නගරාධිපති යළි පුටුවට
Perera Tuesday, 11 January 2022 11:50 PM
ඒ එයාගේ සම්තින්ග් එක නැතුව ගියාම ඔක්කොමලා එකතුවෙන්න ඇති බඩ කට පුරවගන්න.