(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර)
නීති විරෝධී ගිනි අවි 2ක් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු තබ්බෝව අභයභූමියේ ස්ථාන දෙකකදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
තබ්බෝව අභයභූමියේ තුත්තනේරිය ප්‍රදේශයට අයත් කොටසේදී කැප් තුවක්කුවක් (වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්) හා ඊයම් මූනිස්සන්, කැප්රෝල්, ගිනිපෙට්ටි ඇතුළු උපකරණ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනකු සහ තබ්බෝව අභයභූමියේ එරමුදුගස්වැව ප්‍රදේශයට අයත් කොටසේදී බෝර දොළහේ ගිනි අවියක්, එම ජීව පතරොම් 01ක්,විදුලිය පන්දම් 03ක්, බඳපටි 2ක් සමග සැකකරුවන් දෙනකුද මෙසේ අත් අඩංගුවට ගත් බවත් කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි.
ඉකුත් 28 සහ 29 දිනවල මෙම වැටළීම් සිදුකර තිබේ.
මෙහිදී තුත්තනේරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව මොරපතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, තුත්තනේරිය ප්‍රදේශයේ තාවකාලිකව නැවතී නීතිවිරෝධීව හේන් වගාවන් සිදුකරගෙන යන බව කියන මොවුන් ඒ අතරතුර රක්ෂිතයේ වන සතුන්ද දඩයම් කරන බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.
මේ අතර ගිනි අවියක් ඇතුළු උපකරණ සමග එරමුදුගස්වැව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන්ද වන සතුන් දඩයම පිණිස අභයභූමියට ඇතුළු වී ඇති බවට එම විර්ශන වැඩිදුරටත් අනාවරණය කරන බවත් වනජීවී කාර්යාලය කියයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තබ්බෝවෙන් ගිනි අවි සමග හතරක් මාට්ටු
theshan Monday, 30 August 2021 11:59 AM
ගම සමග පිළිසඳර අතුරු ප්‍රතිපල .දැන් සැපද ?
Lalith M Monday, 30 August 2021 01:16 PM
හරියට මට හිතුන තලේබාන්ලා ගොඩ බැහැලා කියලා.