කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අද (10) සිට සති දෙකක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තය සති දෙකකට ලොක්ඩවුන් කරන බව ප්‍රාන්තයේ නව මහ ඇමැති එම්.කේ. ස්ටාලින් කල්තියා දැනුම් දී තිබුණි. තමිල්නාඩු වැසියන්ට තදබදයකින් තොරව, ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට ඔසුහල් සහ වෙළෙඳසැල් පෙරේදා (8) සහ ඊයේ (9) විවෘතව තැබුණි.
ස්ටාලින් ප්‍රාන්ත මහ ඇමැති ධුරයට පත් වූයේ පසුගිය සතියේ ලැබූ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය. ජයග්‍රහණයත් සමඟ ස්ටාලින් කියා සිටියේ තමිල්නාඩු වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරමින්, ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනයට තමන් දැඩි පියවර ගන්නා බවය.
ඒ අනුව, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට ඇමැති ස්ටාලින් තීරණය කළේ කැබිනට් හමුවක් පවත්වමිනි.
මීට පෙර ද කර්ණාටක ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබුණු අතර, අද (10) සිට යළිත් සති දෙකකට ප්‍රාන්තයට තහංචි පැනැවීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බෙංගලූරු නගරය පිහිටා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ ය. කර්නාටක ප්‍රාන්තයේ අගනගරය වන්නේ ද බෙංගලූරු වන ගූගල්, ඇමසන් සහ සිස්කෝ වැනි ලෝ ප්‍රකට තාක්ෂණික සමාගම්වල ප්‍රධාන කාර්යාල ද මෙම නගරයේ පිහිටා ඇත.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ පළමු රැල්ලේ දී මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කළ නමුත් තවමත් එවැන්නක් සිදුවී නැත. කෙසේ නමුත් ප්‍රාන්ත මට්ටමින් ලොක්ඩවුන් කිරීම් සහ සංචරණ තහංචි පැනවීම් සිදු වෙයි. මේ වනවිට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ඇතුළු කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවන ප්‍රාන්ත ලොක්ඩවුන් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තමිල්නාඩු - කර්ණාටක ප්‍රාන්ත ලොක්ඩවුන්