(ඩී.ජී.සුගතපාල)
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවන් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරිණි.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අවිඳු තික්ෂණ පතිරණ සහ අම්බලන්ගොඩගේ චින්තක සුදේශ් යන සැකකරුවන් දෙදෙනෙකි.
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් තිදෙනා විසින්ම සැකකරුවන් දෙදෙනා හඳුනා ගන්නා ලදී.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ අප්‍රියල් 9 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර පැවති අවසන් තරගයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලකුණු 11 කින් ජයග්‍රහණය කිරීමත් සමඟ 150 ක පමණ පිරිසක් ක්‍රිඩාංගණයට කඩාපැන ඇති බවයි.
පසුව ජයග්‍රාහි සාන්ත තෝමස් කණ්ඩායම ක්‍රීඩා මණ්ඩපය වෙත එමින් සිටියදී කලහකාරි පිරිස ඔවුනට පහරදීමට පටන් ගෙන ඇති බවත් එහිදී කණ්ඩායමේ නායකයා වූ සිතාර හපුහින්න යන අය කොටු වී තිබෙන අතර ඔහුට අතින් පයින් සහ කොඩි කණුවලින් පහරදී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියාසිටියේය.
පහරදීම සම්බන්ධයෙන් සාන්ත තෝමස් කණ්ඩායමේ නායකයා පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තෝමස් ගැටුමේ දී අත්අඩංගුවට ගත් අයෙකුට ඇප