IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


තරුණයකු මැරූ තිදෙනාගේ මරණ දඩුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රුපියල් විස්සක්  සම්බන්ධයෙන්  ඇතිවූ  බහින් බස් වීමක් මුල් කරගෙන විසි නව හැවිරිදි තරුණයකු කපා කොටා  ඝාතනය  කර කාන්තාවක්   ඇතුළු තවත්  තිදෙනෙකුට බරපතල  තුවාල  සිදු  කල විත්තිකරුවන්  තිදෙනෙකුට මරණ  දඩුවම  නියම කරමින් කොළඹ   මහාධිකරණය ගත් දුන් තීන්දුව  අභියාචනාධිකරණය  විසින්  තහවුරු කරන ලදි.

මෙලෙස මරණ දඩුවම් තහවුරු කරනු ලැබුවේ ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත්  ශ්‍රී  ලාල්, සුදත් කුමාර  යන නැමැත්තන්ට එරෙහිවය.

තමාට  මරණ දඩුවම්   නියම කල මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන්  තිදෙනා ගොනු කල අභියාචන පෙත්සම් තුනක්  ඉවත  දමමින්  අභියාචනාධිකරණය මෙම මරණ දඩුවම තහවුරු කෙරිණි.

තවද මහාධිකරණය විසින්  විත්තිකරුවන්ට  පනවා ඇති  සෙසු දණ්ඩ නියෝගයන් ද අභියාචනාධිකරණය විසින්  අනුමත කරන ලදි.

පන්නිපිටිය ප්‍රදේශයේ දී 1996 වසරේ නොවැම්බර් 02 වැනිදා   ඇති වූ බහින් බස් වීමක් මුල් කරගෙන සුසන්ත පෙරේරා  නමැත්තා  කඩු කිනිසි වලින් කපා කොටා  ඝාතනය කිරීම සහ මරණකරුගේ ඥාතින්  තිදෙනෙක් ට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු  අධිචෝදනා  යටතේ  නීතිපති වරයා විසින්  විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව  මහාධිකරණය හමුවේ  නඩු පවරා තිබුණි.

එම නඩුව  විභාග කල මහාධිකරණය එහි තීන්දුව  2018 වසරේ ජූලි 18 දින ප්‍රකාශ කරමින්  ලක්මාල් ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුමිත්  ශ්‍රී  ලාල්, සුදත් කුමාර  යන විත්තිකරුවන් වැරදි කරුවන් බවට තීරණය කර මරණ දඩුවම් නියම කල අතර සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.

එම මහාධිකරණ තීන්දු ව බල රහිත කරන ලෙස ඉල්ලා මරණ දඩුවම් නියම වූ විත්තිකරුවන් තිදෙනා  ගොනු  කල අභියාචන පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න,  සහ රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.

එහිදී  මහාධිකරණය විසින්  කරුණු  තහවුරු කර ගැනීමකින්  තොරව  සිය සේවා දායකයින්ට මරණ දඩුවම් නියම කල බවට  අභියාචක විත්තිකරුවන්ගේ නීතීඥවරු ඉදිරිපත්  කළ කරුණු  පිළිගැනීම  අභියාචනාධිකරණය විසින්  ප්‍රතික්ෂේප කරන බව මෙම තීන්දුවෙහි දැක්වේ.

අභියාචක පෙත්සම්කරුවන්  වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, පාලිත ප්‍රනාන්දු සහ නීතීඥ  ඉන්දිකා මල්ලවආරච්චි පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.



අදහස් (5)

තරුණයකු මැරූ තිදෙනාගේ මරණ දඩුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි

kamal Wednesday, 17 November 2021 01:18 PM

සර්... සර්... මෙන්න වැඩක් තියෙනවා කරන්න.

:       6       21

sharm warn Wednesday, 17 November 2021 01:49 PM

වැරදිකරුවන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දෙනු.

:       0       0

ravin Wednesday, 17 November 2021 02:07 PM

ඔබලා තුන්දෙනාම නිදහස් හා රාජ්‍ය ආයතනයක ඉහලම තනතුරක් ලැබීමට සුදුසුකම් සපුරා ඇත

:       0       0

Senarath Wednesday, 17 November 2021 02:54 PM

රුපියල් 20ට මිනිමරාගෙන දැන් නඩුවට ලක්ෂ 20ක් විතර වියදම් කරලා එල්ල මරන්නත් නියම උනා.

:       0       0

මහජනතාව Wednesday, 17 November 2021 04:47 PM

ඉස්සරහට හිරගෙවල් පිරෙන්නෙ මරණ දඬුවම නියම වූ අයගෙන්. මේ අය එල්ලන්න. නැතිනම් මොවුන් රටට බරක්. මොවුන් වැන්නන් එල්ලන්න පටන් ගත්තම මෙවැනි අපරාධ කරන පිරිස අඩුවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 62 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 173 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 724 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 760 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1018 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 233 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site