(විනීතා එම් ගමගේ)
කොරෝනා වසංගතය ලොවපුරා පැතිර යාමත් සමග ඉකුත් වසරේ පෙබරවාරියේ සිට නරත කර තිබු කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම යළි ආරම්භ කර ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි.
කොරියානු භාෂා ප්‍රවීනතාව සමත්ව සිටි නවක ශ්‍රමිකයන් 33 දෙනෙක් වසර දෙකකට පමණ පසු කොරියාව බලා බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඊයේ පිටත්ව ගියහ.
මේ වනවිට භාෂා ප්‍රවීනතා විභාගය සමත්ව, ගිවිසුම් ලැබී ඇති අයදුම්කරුවන් අතරින් වීසා ලැබී ඇති පිළිවෙල අනුව සීමිත පිරිස බැගින් ඉදිරියේ දී යැවිය හැකි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය කළමණාකරු මංගල රන්දෙනිය මහතා ලංකාදීපයට අද (08) පැවසීය.
විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා කොරියානු කම්කරු ඇමතිවරයා, නියෝජ්‍ය කම්කරු ඇමතිවරයා, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඇතුළු පිරිස් සමග පසුගියදා කළ සාකච්ඡා අනුව මෙම අවස්ථාව ලබා ගත හැකි වූ බව ද රන්දෙනිය මහතා කීය.
කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙන රටවල්වලට කොරෝනා වසංගතයෙන් පසු මේ වනතුරු නැවත රැකියා අවස්ථා ලැබී නැති බවත් ශ්‍රී ලංකාවට මුල්ම අවස්ථාව ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තරුණයින්ට කොරියාවෙන් සුභ ආරංචියක්
Gamunu Wednesday, 08 December 2021 05:33 PM
ලංකාව තුළ රැකියා බිහි නොකර, රටේ පුරවැසියන් හට විදේශ රටවල රැකියා සොයන ඇමැතිවරු...
DonWednesday, 08 December 2021 08:34 PM
කට්ටිය රට පටවන්නේ නැතිව ප්‍රාඩෝ ගන්න ඩොලර් කෝ...?
de silva Wednesday, 08 December 2021 07:12 PM
කොල්ලො ටික රට පැටව්වේ නැතිනම් ඇමැතිවරුන්ට V8 ගන්න. පෙට්‍රල් ගහන්න ඩොලර් කෝ...?