(රංජිත් රාජපක්ෂ )
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.
මෙසේ සොයාගනු ලැබුවේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි දෙදරු පියාගේ සිරුරය.
වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය කල හමිඩ් රිස්වාන් (21) දින සේවය කරමින් සිටි ස්ථානයට යාබදවම ඉහල කොත්මලේ ජලාශය පිහිටා ඇති අතර සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන ඇති තරුණියගේ සිද්ධිය දැක බලා ගැනිමට ගොස් ප්‍රදේශ වාසින්ගේ ඉල්ලිමක් මත දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනිමට දෙදරු පියා ජලාශයට පැන ඇත.
ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක් වන අතර ඇය බේරා ගැනිමට උත්සහ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මුස්ලිම් ජාතික දෙදරු පියෙකි.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි
Chandana Thursday, 21 May 2020 04:18 PM
මිනිසත්කමට ජාති බේද නැත. එයට කදිම ආදර්ශය රිස්වාන්ය. ඔබගේ ඊළග භවය සැපවත් වේවා.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 05:06 PM
ඇගේ පණ රැකීමට ඔහු ජලයට පැන්නා.. එනමුදු අනේ ! ඔහු මෙලෙසින් දිවි දුන්නා.. පියා අහිමි වීමෙන් ඒ දරු දෙන්නා.. අපමණ දුක් ගඟක මතු දින පිහිනන්නා..
Raveendra Friday, 22 May 2020 03:39 AM
අනේ පව්... තවත් ජීවිතයක් බේරා ගැනුමට ඉදිරිපත් වී තම වටිනා ජීවිතය අහිමි කරගත් ඔබට නිවන් සුව අත්වේවා !!!
සමිත සේනක අලුත්ගමගේ.Friday, 22 May 2020 04:48 AM
රවීන්ද්‍ර මහතා, ඇත්තටම හද සසළ කරවන සිද්ධියක් නේද?
RaveendraFriday, 22 May 2020 08:27 AM
ඇත්තෙන්ම කව්රුන් වුනත් තව කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනුමට නේද මේ උත්සහ කලේ? අප හදවතින්ම කණගාටු වෙන්නෙමු. ඔහු මුස්ලිම්ද, සිංහලද, දෙමළද අදාළ නැත...
Sam Friday, 22 May 2020 06:02 AM
පව්, මේ මුස්ලිම් තරුණයා තමන්ගේ ජීවිතේ ලබාදීලා තියෙනවා. අපේ සිංහල සහෝදරියක් බේරගන්න. දැන් ඒ තරුණයාගේ ළමයි බලා ගන්නේ කවුද?
Gaveshi Friday, 22 May 2020 06:03 AM
මෙතැනදී මේ මුස්ලිම් තරුණයා බැලුවේ නැහැ... දියේ ගිලෙන්නේ මුස්ලිම්ද සිංහලද කියලා... අවශ්‍යතාව නිසා ගඟට පැන්නා. සෙනඟ 200ක් ඉඳලාත් කවුරුත් පැන්නේ නැහැ... අනේ පව් ඒ තරුණයාගේ ළමයි දෙන්නයි, බිරිඳයි.
Ruwan R Friday, 22 May 2020 06:06 AM
ජාතීන් අතර සමගිය, දේශපාලකයා විසින් ඇතිකළ යුතු නැත. නැති නොකර සිටින්නේ නම් මැනවි... සොයුර ඔබ වීරයෙකි.
Hasan Friday, 22 May 2020 06:31 AM
ඔබ රාමසාන් මාසයේ නෝම්බි අල්ලාගෙන ඉඳලා තවත් ප්‍රාණයක් බේරගන්න උත්සාහ කරීම ගැන සතුටුවෙනවා. ඔබ දන්නවාද කුරානයේ සඳහන් වෙනවා ඔබ එකපාර පණක් නසන්නේ නම් ඔබ සමස්ත සමාජයම විනාශ කළා හා සමානයි කියනවා වගේම ඔබ එක ප්‍රාණයක් බේරාගැනීම සමස්ත මනුෂ්‍ය සංහතියම බේරාගැනීමක් වෙනවා කියල පවසනවා. ඔබට ස්වර්ගයේ දොරටු විවෘත්ත වේවා. ආමේන්...!!!
Javed Friday, 22 May 2020 06:34 AM
සාමාන්‍යයෙන් අපේ මුස්ලිම් සමාජයේ අදහසක් තිබෙනවා... රාමසාන් මාසයේ නෝම්බි උපවාසය රකිමින් කවුරු හරි මියයනවා නම් ඔහු ස්වර්ග වාසියෙක් වෙනවා කියලා... සහෝදරයා ඔබ ඊටත් එහා ගිහිල්ලා තවත් ජීවිතයක් බේරාගන්න උත්සාහ කිරීමම ඉතා ශ්‍රේෂ්ඨයි..., ඔබට ස්වර්ගයේ දොරටු විවර වේවා...!!!
Nawshad Friday, 22 May 2020 06:37 AM
ඔබ එක මනුස්ස ජීවිතයක් බේරාගැනීම යනු මුළු මිනිස් සංහතියම බේරාගැනීම හා සමාන වෙන අතර ඔබ එක මිනිස් ඝාතනයක් කිරීම මුළු මිනිස් සංහතියම විනාශ කිරීමක් වෙනවා. සහෝදරයා ඔබ මුළු මිනිස් සමාජයක් බේරා ගත්ත හා සමානයි. ඔබට ස්වර්ගය ලැබේවා... ආමේන්!!!
sanjeevaFriday, 22 May 2020 07:26 AM
ඔබ සියලු දෙනාගේම අදහස්වල ගැබ්වෙලා තියෙන්නේ ශුද්ධ වූ කුරානයේ ශ්‍රේෂ්ට වදන්.... ඒ කිසිවෙකවත් කියාදීලා නැහැ... කෙනෙක්ගේ ප්‍රාණයක් නැතිකරන්න කියලා... එ් නිසා මම හැමතිස්සෙම කියන්නේ අපේ ආගම, දහම දර්ශනයන්හි තිබෙන සමානතා සොයලා බලලා ඒ ගැන මහජනයාට අවබෝධ කරදෙන්න කියා.. මෙම සහෝදරයාගේ මියයාම ඉතාමත් වේදනාත්මකයි...
රංග Friday, 22 May 2020 09:44 AM
යහපත් මිනිසෙක් ලෝකෙට අහිමි විය..!