IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට

(ඩයනා උදයංගනී සහ ජේ.ඒ.එල් ජයසිංහ)

‘ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා’ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ මහ මළුවේදී අද (23) පැවැත්විණි. 

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්‍ෂණය කරන ලෙස ඉල්ලමින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීම හා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.

ජනාධිපතිවරයා විසින් එය මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හනා සිහර් මහත්මියට භාර දුන්නේය.ත්‍රෛතිකායික මහ නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම ජාතික මහෝත්සවය පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ නිමිත්තෙන් මෙම මස 16 වැනිදා සිට ඊයේ (22) දිනය දක්වා ත්‍රිපිටකාභි වන්දනා සතියක්ද ප්‍රකාශයට පත්කර තිබිණි.

වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා  ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුලත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනවාරි 05 වනදා මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී සිදුකෙරිණ.

(ඡායාරූප- ඉෂාන් සංජීව)



අදහස් (14)

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට

ravi Saturday, 23 March 2019 12:16 PM

කවුද මේ "එක්සත් ජාතීන්ගේ සංවිධානය" කියන්නේ ???

:       1       126

Rasika Saturday, 23 March 2019 09:45 PM

ලෝකය කියන දේ අහගෙන ඉන්න වෙයි තව අවුරුදු 20කින්

:       1       99

ලුම්බිණි Sunday, 24 March 2019 12:29 AM

මම හිතනවා අපේ ප්‍රශ්න ඔක්කොම දැන්වත් විසඳෙයි කියල.

:       76       0

senaSunday, 24 March 2019 10:59 AM

අපේ රටට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක තේරෙයි - මේ කොලටික බාරදෙන්න කෝටි කියක් වියදම් කරලා තියෙනවාද කියන එක දැනගත්තොත්.

:       0       0

Ariyathilaka Sunday, 24 March 2019 02:13 AM

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද පරවාද මථනය පිණිස ද, නිර්මල බුදු දහම ලෝක ව්‍යාප්තිය සදහා අනුග්‍රහය පිණිස ද, තථාගත දේශිත ත්‍රිපිටක දහම ලෝක උරුමයක් ලෙස නම් කිරීම අත්‍යන්තයෙන් ම කළ යුතු ම ලෝක ශාසනික මෙහෙයකි. ඒ සදහා කටයුතු කරන සියලු දෙනාට ම ඉමහත් කුසල් අත් පත් වේ. අපිදු ඉතසිතින් එම කුසල -පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙමු. චිරං තිට්ඨතු ලෝකස්මිං- සම්මා සම්බුද්ධ සාසනං~

:       222       118

LashanSunday, 24 March 2019 06:04 AM

හැබැයි ලංකාව තාම කුහකකම, වංචාව, දුෂ්ටකම ඉහවහා ගිය රටක්...

:       93       38

LashanSunday, 24 March 2019 09:31 PM

දිස්ලයික් දාපු අය හීන ලෝකෙක ඉන්නේ

:       0       2

Sapumal. Sunday, 24 March 2019 02:16 AM

මෙය ඉතාමත්ම හොඳ පින්කමක්. එයට අපගේ ප්‍රණාමය. ඒත්, මේවා කරන දේශපාලකයන්ද, පුජ්‍ය පක්ෂයද ක්‍රියාවෙන්ද තම බෞද්ධකම ප්‍රදර්ශනය කල යුතුයි. බුද්ධ වචනය අනුව ශාසනය පවතිනුයේද විනය මතය. ඒත්, අද බොහෝ දෙනාගේ විනයක් තිබේද ? රටේ නීතිය හා පාර්ලිමේන්තුවේ මූලික නීතිය වන ව්‍යවස්ථාව කඩන අය සිටින රටකින් හා පාර්ලිමේන්තුවකින් බුදුදහම හරිහැටි රැකේ යයි බලාපොරොත්තුවිය හැකිද ? මේ රටේ බොහෝ දෙනා කරන්නේ සැමට පේන්නට බුදු දහම කරේ තියාගෙන යෑම නොවේද ? නිර්මල බුදු දහම තිබෙන්නේ එහි ප්‍රණීත වූ ධර්ම රසය නුවණින් විඳ සසර කෙටිකර ගැනීමට නොවේද ? එය කරේ තබාගෙන යාමෙන් පමණක් නිවනට යා හැකිද ?

:       0       125

vidya Sunday, 24 March 2019 07:24 AM

මෙම අදහස ඉතාම වැදගත් . ඊට කලින් දෙයක් තියනවා විශ්ව විද්‍යාලවලින් ධර්ම ධර භික්ෂුන් වහන්සේලා බිහිනොවන අඩුපාඩුවක් ඇති බව පසු ගියදා රුපවාහිනී වැඩ සටහනක සාකච්ඡාවක් මම දැක්කා තවද නිකාය වලට බෙදිලා ඉන්නේ නැතිව එකම බෞද්ධ සංවිධානයකින් පාලනය වන පාලන තන්ත්‍රයක් ඇතිකොට සෑම පන්සලකටම එක සමානවම ආර්ථික පහසුකම් බෙදාදී දියුණු කොට බෞද්ධ අබෞද්ධ සෑම ජනයා එක්තුකිටීමේ වැඩ සටහනක් තනා ත්‍රිපිටකය හරියා කාරව තේරුම් බේරුම් කිරීමට ධර්මධර විනය ධර භික්ෂු පිරිසක් පුහුණු කිරීම ඉතාම අගනේය .

:       0       1

dakune anura Sunday, 24 March 2019 08:12 AM

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද පරවාද මථනය පිණිසද, නිර්මල බුදු දහම ලෝක ව්‍යාප්තිය සඳහා අනුග්‍රහය පිණිසද, දේශපාලකයින්ගේ අවම වී ගිය ජනතා ප්‍රසාදය නැවත ඇතිකර ගැනීම පිණිසද, කරන ලද වංචා, දූෂණ අකාර්යක්ෂමතාවයන් පාවාදීම් යටපත් කර ගැනීමටද, තථාගත දේශිත ත්‍රිපිටක දහම ලෝක උරුමයක් ලෙස නම් කිරීම වෙලාවේ හැටියට අත්‍යන්තයෙන්ම කළ යුතුම ලෝක ශාසනික මෙහෙයකි.

:       18       0

budu sasuna panividaya Sunday, 24 March 2019 08:15 AM

ළඟ එන ඡන්දය වෙනුවෙන්ම විසින් වදාළ ධර්මය අයුතු ලෙස පරිහරණයේ වළකින ලෙස කරන ඉල්ලීමකි..

:       0       66

එක්සත් ජාතීන් Sunday, 24 March 2019 08:18 AM

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව දේශපාලන යෝජනාවකියි අපිට හැඟෙන නිසා එය ප්‍රතික්ෂේප කරමු. අවශ්‍ය නම් බුදුන් වහන්සේගේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

:       0       1

anura Sunday, 24 March 2019 08:22 AM

"එක්සත් ජාතීන්ගේ සංවිධානය" කියන්නේ තම රටේ රජා විදේශික ආක්‍රමණිකයන්ට පවා දුන් එවුන්ගෙන් සමන්විත යටත් විජිත විසින් මහබලවතුන් ලෙස සලකන අයගේ සංවිධානයක්ද?

:       0       19

rocky Monday, 25 March 2019 02:28 AM

අපි කොහොමද ත්‍රිපිටකය පිළිබඳ බලධාරීන් වෙන්නේ... ධර්මය පාලියෙන් ලේඛන ගත කලේ ලංකාවේදී වුණත්, අන්තර්ගතය බුදුන්වහන්සේගේ ධර්මය නම් ඒ ගැන වගකීම තියෙන්නේ නේපාලයට හෝ ඉන්දියාවටයි. මේ නාඩගමෙන් ත්‍රිපිටකයේ වටිනාකම ඉහළ යන්නෙත් නැහැ. අපේ බෞද්ධයින්ගේ `බෞද්ධකම` වැඩි දියුණු වෙන්නෙත් නැහැ. දේශපාලකයන්ගේ සූරාකෑම අඩුවෙන්නෙත් නැහැ. සිද්ධ වෙන්නේ අනවශ්‍ය දේකට - ජනතාව කිසිසේත්ම නො ඉල්ලු දේකට - ජනතාවගේ මුදල් සම්භාරයක් උත්සවවලටයි, ප්‍රචාරණ කටයුතු වලටයි වෙන් කරලා පිල්ලි ගැහිල්ල පමණයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 31 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 602 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 174 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 182 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 717 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 237 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site