IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ එකක්

(නිමල කොඩිතුවක්කු)
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත දෙමළ ඩයස්පෝරාව් වුවමනාව මත රජය හදුන්වා දුන් පනතක් බවට හැඟි යන බව  ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම මෙම පනත මගින් ලේඛනයේ සහ භාෂනයේ නිදහසට තහංචි වැටෙන බවත් ඔහු කීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පිලිබඳ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පළකළ අදහස් මෙසේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතේ තියෙන බරපතලම කාරණාව තමයි දෙමළ ඩයස්පෝරාවේ සිටින ලංකාවට විරුද්ධව කටයුතු කරන අයව ආරක්ෂා  කිරිස සඳහා නිර්මාණය කරන ලද පනතක් බවට පත්වීමයි. මේ පනත අදාළ වන්නේ කාටද නැද්ද කියලා එහි පැහැදිලිව සඳහන් වෙනවා.

මේ පනතේ මුවාවෙන් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන්ගේ  භාෂණයේ සහ ප්‍රකාශනයේ  නිදහස නැති කිරීම සඳහා  62 වැනි වගන්තියෙන් ප්‍රතිපාදන දාලා තියෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව ඕනෑම රැස්වීමක් නවත්වන්න පුළුවන්.  කොහේ හරි තැනක රැස්විමක් තියන එකක් ත්‍රස්තවාදී කටයුත්තක් ලෙස සළකන්න බැහැනේ. 

මේක දේශපාලනික  විරුද්ධවාදීන් දඩමීමා කිරීමට සහ දෙමළ  ඩයස්පෝරාව හා ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කිරිමට  ගෙනාපු පනතක් මිසක් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙනාපු පනතක්  නෙමෙයි කියලා මට සඳහන් කරන්න පුළුවන්.

අනික් පැත්තෙන් මේක දාලා තියෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තිය සමිති  ඉලක්ක කරගෙනයි. මේකට අනුව රැස්විමක්, රැළියක්, පෙළපළියක් වුණත්  නවත්වන්න  පුළුවන්. 

මේක සද්භාවයෙන්  කරපු දෙයක් නෙමෙයි. මේක අයථා ලෙස පාවිච්චි  කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. එහෙම නැත්නම් මේ වගේ කරුණු ත්‍රස්තවාදී පනතක් අස්සට දාන්න අවශ්‍ය නැහැ.

ඒ අදහස්  ප්‍රකාශ කිරිමේ නිදහසත්  එක්ක අනුබද්ධව තියෙන අනිත් නිදහස තමයි අදහස් ලබා  ගැනිමට තියෙන නිදහස. එතකොට  මේකෙන් නැති වෙන්නේ අදහස ප්‍රකාශ  කරන මිනිහගේ නිදහස පමණක් නෙමෙයි රටේ බහුතර  ජනතාවට ඒ තොරතුරු දැන ගැනීමට තියෙන  අයිතියත් ඒකෙන් නැති වෙනවා” යැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (7)

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ එකක්

sirimal Thursday, 21 March 2019 08:31 AM

බය වෙන්න එපා මාස හයකින් ඔයගොල්ලන්ට උවමනා එක්කෙනා බලයට එනවා. ඊයේ කියල තිබුණේ "අපේ රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම එයා පමණමයි" කියල. ප්‍රතිපත්ති මොනවද කියල වැඩ කරන්නේ කොහොමද ? "මට විතරයි කරන්න පුළුවන්, මම විතරයි ජනතාව ඉල්ලන්නේ" වගේ බහුබූත ඉතා සාර්ථකව මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාගෙන යන බවනම් පෙනෙනවා.

:       924       622

කසුන් Thursday, 21 March 2019 01:20 PM

සිරිමල් අයියේ ඉතින් මිනිස්සු එයා ඉල්ලනවානම් ඔයා මක්ක කොරන්ටයි ... ??

:       0       47

Hafeel Thursday, 21 March 2019 02:17 PM

2009 ඉඳන් මේ ආණ්ඩු දෙකම ජිනීවා ඉදිරියේ දන ගහනවා. ජිනීවාට යට වෙලා. මේ ආණ්ඩු දෙකම කළේ එකම දේ. දැන් ජී එල් පීරිස්, මහින්දලා ලොකුවට කෑ ගැහුවට, එයාත් 2009 ඉඳන් 2014 කාලයේ ජිනීවාට හරි උත්තර දුන්න නැහැ.

:       0       6

BamunuarachchiFriday, 22 March 2019 01:05 AM

ජිනීවාට හරි උත්තරයක් නොදීම අපේ කපටිකම. ජිනීවා අපිට විරුද්දව ගෙනෙන යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීම ගොන්කම. ආණ්ඩු දෙකේ වෙනස ඕකයි.

:       0       14

Bamunuarachchi Friday, 22 March 2019 01:14 AM

මේ රජය නැවත බලයට පත්වෙන්න හදන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්.

:       0       0

HR Friday, 22 March 2019 02:43 AM

සිරිමල් ඉතින් අනිත් අයටත් ඕන බහුභූතයක් ජනතාවගෙ ඔලුවට දාන්න බැරිය 2015 වගේ..ඒවා බාර ගන්න හැට දෙලක්ෂයකුත් ඉන්නවනේ ..

:       0       8

HR Friday, 22 March 2019 02:46 AM

මෙන්න මේ පනත නිසා තමයි පහුගිය දවසෙ විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්සේ පාර්ලිමේන්තුව වටකරලා..ඒක නොදන්න අය ඒ වෙලාවෙ එක එක ලොකු කතා කියල තිබුනට දැන් මෙතන කතා කරන්න ඒ කවුරුවත් නෑනෙ ..

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1783 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site