IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ත්‍රස්ත සැකකරුවන් ගැන උපදෙස් ගැනීමට උපදේශක මණ්ඩලයක්

(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම, නිදහස් කිරීම සහ ඇප ලබාදීම ඇතුළු තීරණ සම්බන්ධයෙන් තමාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා මෙම උපදේශක මණ්ඩලය පත් කරනු ලැබ ඇත්තේ 1979 අංක 48දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය අනුවය.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරගතව සිටින පිරිස් වලට මෙවැනි උපදේශක මණ්ඩලයක් කාලයක් තිස්සේ පත්කරනු ලැබ නොතිබීම නිසා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ජනාධිපති නීතිඥ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පැවසීය.

මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමඟ එම සිරකරුවන්ට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (6)

ත්‍රස්ත සැකකරුවන් ගැන උපදෙස් ගැනීමට උපදේශක මණ්ඩලයක්

කිරි පුතා Wednesday, 25 August 2021 05:05 PM

ත්‍රස්තවාදීන් ටික එළියට දමයිද? එහෙම වුණොත් සාමාන්‍ය ජනතාවට දඬුවම් දෙන්න කියමු.

:       2       13

RaveendraWednesday, 25 August 2021 05:33 PM

ඉතාම වටිනා අදහසක්... පාස්කු වල‍ට අදාළ "වල් ඌරන්" ටිකත් එළියට එනවා අපි හීනෙන් දැක්කා. දවල් හීනයක්ද, රෑ හීනයක්ද කියලා හරියටම මතක නැහැ. හැබැයි වල් ඌරන් ටික එළියට එනවා හීනෙන් දැක්කා.

:       3       10

Medamulana Wednesday, 25 August 2021 06:10 PM

කවුරු මොනවා කීවත් ඔබේ තීරණ අතිවිශිෂ්ටයි සර් චිරාත් කාලයක් මේ රට පාලනය කිරීමට ඔබ ඇතුළු රාජපක්ෂ වරුන්ට හැකිවේවා

:       12       1

Rata Perata Wednesday, 25 August 2021 07:30 PM

කරන්නාගොඩ, දුමින්ද සහ චොකා මල්ලි ඔය කොමිසමට දැම්මොත් නරකද නන්දසේන..?

:       1       18

de silva Wednesday, 25 August 2021 08:19 PM

දුමින්දට සහ චොකා මල්ලිට බන්ධනාගාරයේ අත්දැකීම් තිබෙන නිසා කොමිසමට ඔවුන් පත්කළා කියලා සර් කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       13

swene Thursday, 26 August 2021 06:23 AM

මානව හිමිකම චෝදනාව ෂේප් කරන්න පොඩ්ඩක් නම්‍ය ශිලිවෙලා. දරදඬු කමේ ආධීනව ඉගෙනගෙනද දන්නේ නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 414 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 153 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 606 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 201 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 638 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site