(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය තාවකාලිකව අත්හිටවා ඇත.
මේ සම්බන්ධයෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවයි. එම පැමිණිල්ලට පරීක්ෂණයක් පැවැත්වු බවත් , එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම යලිත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා කොමිසමක් පත් කර තමන්ගෙන් ධුරය තාවකාලිකව අත්හිටවා ඇති බවත්ය.
තම ධුරය අත්හිටුවීම හුදෙක් දේශපාලන පළිගැනීමක් බවත්, තමන් ඕනැම පරීක්ෂණයකට මුහුණ දිමට ඉදිරිපත් වන බවත් අශෝක සේපාල මහතා කියා සිටියේය.
නීති විරෝධී ලෙස සේවකයින් සේවයට බදවා ගැනීම, විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදු දීම, නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැදවීම, නගර සභා සිමාව තුල ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් නතර කිරීමට පියවර නොගැනීම, නීති විරෝධී ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනීම යන චෝදනා ඇතුළු කරුණු 8 ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බව අසෝක සේපාල මහතා කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සංගමයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේද අසෝක සේපාල මහතා වන අතර ඒ මහතා 2011 වසරේ සිට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි
Bamunuarachchi Thursday, 29 October 2020 08:16 AM
කොහොමත් අපිට පළාත් සබා ඕනේ නැහැ මේ ගොඩනැගිල්ල නිරෝධාන ස්ථානයක් කරන්න. එකෙන් වෙන සේවය බොහොම වටිනවා.