(නිමල කොඩිතුවක්කු)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 කට අධික ණය මුදලින් කොටසක් ගෙවීමට රුපියල් කෝටි 1500ක ණය ලංකා බැංකුවෙන් ලබා ගන්නා බව ඔහු සඳහන් කළේය.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී තිබෙන ණය සීමාව පෙරේදා (08) වනවිට ඉක්මගොස් තිබූ අතර මේ හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමා තිබිණි.
මේ හේතුවෙන් විදුලිබල ජනනයට බාධා එල්ල වූ අතර ඇතැම් ප‍්‍රදේශවලට විදුලිය සැපයිමේ සීමා කිරීමක්ද සිදුකෙරිණ.
හිඟ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් මතු වූ එකඟතාවයක් මත ඊයේ (09) දිනයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදලෙන් කොටසක් ගෙවීමෙන් පවතින අර්බුදය අවසන් කර පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 47 කට ආසන්න වී තිබේ.
මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලයට අවශය විදුලියෙන් 85%ක් පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනීමට සිදුව ඇති බවත් සුලක්ෂන ජයවර්ධන මහතා පැවැසීය.
පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වනතෙක් අඛණ්ඩව පැවතියහොත් දැඩි විදුලි අර්බුදටයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
තෙල් සංස්ථාවේ හිඟ මුදල් ගෙවන්න ලංකා බැංකුවෙන් ණය ගන්න යයි
d.upul Wednesday, 10 July 2019 12:15 PM
ලංකා බැංකුවේ ණය ගෙවන්න කොහෙන් ගනීද දන්නේ නැහැ...
Hafeel Wednesday, 10 July 2019 03:24 PM
අර්ජුන් අැලෝසියස්ගෙන්...
Chanak los angelesWednesday, 10 July 2019 08:56 PM
ඇයි අර ගොඨාගේ ළඟ තිබෙනවා කියන්නේ සල්ලි මවන යන්තරේ අන්න ඒකෙන් . සොහොන් ගෙවල් කෞතුකාගාර හැදුවා කියන්නේ හොරකම් කරලා නොවෙයිලු සල්ලි යන්ත්‍රයෙන්ලුනේ නේද ?
රවින් Wednesday, 10 July 2019 01:36 PM
ලොකු ප්‍රශ්නයක් තියනවා. කරුණාකර විදුලිබල මණ්ඩලයෙන් මෙයට පිළිතුරක් ලබාගෙන පල කරන්න. දැනට පාරිභෝගිකයින්ට සපයන විදුලිය සපයන්නේ ණයටද? ටිකක් විස්තර විමසා බැලුවා. හැමෝටම විදුලි බිල මසක් ඇතුළත නොගෙව්වොත් විදුලිය කපා හරිනවා. එසේනම් අපි ගෙවන (එකතුවන) මුදල් වලට මොකද වෙන්නේ?
shan Wednesday, 10 July 2019 03:55 PM
විදුලිබල මණ්ඩලේ අදායම මහා එකාගේ ඉඳලා පියන් දක්වා ඉන්න සේරම උන් හොරා කාළා ආයතනයේ බිල් ගෙවන්න ණය ගන්නවා.
janahitha Wednesday, 10 July 2019 04:23 PM
ලංකා බැංකුවත් කන්නද හදන්නේ? විදුලි බල මණ්ඩලයට අය කරගන්න තියෙන මහාපරිමාණ ගනුදෙනු කරුවන්ගෙන් පොලිය සමග අය කළයුතුයි. නැත්නම් විදුලිය සැපයීම අත්හිටුවිය යුතුයි. අවසන් වර්ෂයේ ගිණුම් වාර්තාවේ මහා පරිමාණ ණය ගැතියන් කොපමණද? අයවීමට තිබෙන මුදල කොපමණද? මෙවැනි තත්වයක් තිබියදී ඉහළ තනතුරුවල වැටුප් වැඩි කලේ ඇයි? විගණකාධිපති තුමාගේ අදහස් දන ගැනීමට කැමතියි.
Chanak los angeles Wednesday, 10 July 2019 08:48 PM
එතකොට සාටකලා ඔවුන්ගේ ඕනෑකමට බලෙන් පාඩුපිට ඇදගෙන ගිය මිහින්ලංකා යානාවලට තෙල් ගහගෙන සංස්ථාවට පොලු තියපු මුදල් ගෙවන්න කෙනෙක් නැතිද?
BamunuarachchiFriday, 12 July 2019 12:23 PM
දන්නා මගුලක් කතා කරනවා. වේලෙන්න වැලක දාලා තිබෙන සාටකයටත් බයේ දුවන මුන්දැ ඒ පාට අමුඩ ලේන්සුවටත් බයයි කියන්නේ හැබෑද..?