(සුජිත් හේවාජුලිගේ සහ කටුනායක ටී. කේ .ජී කපිල )
චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ඊයේ (26) අලුයම පැමිණියේය.
මෙය චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ දෙවෙනි එන්නත් තොගයයි .
චීන රජය පළමු එන්නත් තොගය ලෙස මාත්‍රා ලක්ෂ හයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ පසුගිය මාර්තු මස 31 වැනිදාය.
චීනයේ බේජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් 869 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ ඊයේ අලුයම 12.20 ට පමණය .
මෙම එන්නත් තොගය බාර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.චෙන් හුන්ග් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවැසුවේ කොරෝනා වසංගතය ට එරෙහිව සටන් කිරීමේදී අවශ්‍ය කෙරෙන බලවත්ම ආයුධය වන්නේ එක්සත් කම සහ සහයෝගීතාවය බවයි .
වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම එන්නත්කරණය බවද ඔහු ප්‍රකාශ කළේය .
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා චීනය සංවර්ධනයවෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආධාර මේ දක්වා ලබාදී ඇති බවත් ලෝකයේ රටවල් 80කට එන්නත් පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපතිවරයා කීවේය.
චීනය සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉදිරි වසර තුනේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් වටිනා වෛද්‍ය ආධාර පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව චී.චෙන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ දුෂ්කර අවස්ථාවේදී ලබාදුන් සහයෝගය ගැන චීන රජයටත් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාටත් ස්තූතිය පළකරන බවයි.
මෙම එන්නත් තොගය ජනතාවට කඩිනමින් හා විධිමත්ව ලබා දීමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය .
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට
Cisco Wednesday, 26 May 2021 10:06 AM
මේ එන්න මාර්තු මාසෙම ලංකාවෙ මිනිසුන්ටත් ගහගන්න ඉඩ දුන්න නම් මේ තරම් මිනිසුන් ප්‍රමාණයක් මැරෙන එක වලක්වගන්න තිබුනා. කොහෙද අර විද්වත් කමිටුවේ තාක්ෂණ වේදියයි පරාජිතයි දෙන්නම මේකට වගකියන්න ඕන.
WCA Wednesday, 26 May 2021 02:53 PM
පිනට එනකොට කියනවා තව මිලියන ගානක් ඔර්ඩර් කලා කියක. ඊලග පිනට තොගේ එනකොට කියනවා තව මිලියන ගානක් ඔර්ඩර් කලා කියලා. එතකොට ඔය කොම්පැනි පිනට දෙන ඒවා විතරද දෙන්නේ.