(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති හතරක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන ඇති මෙම කලාප මේ වන විටත් සංවේදී පරිසර කලාප වශයෙන් නම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙරට සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මින් පෙර හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘති වලදී එම පද්ධතීන්ට හානි සිදුවූ අවස්ථා ද ඇතැයි කී ලේකම්වරයා නව වැඩ පිළිවෙළ යටතේ සංවේදී පරිසර කළාප හඳුනාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබෙන බව ද පැවසීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශෙයේ ජෛව විවිධත්ව ඒකකය මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා කීවේය.
ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ බව ද ලේකම්වරයා පැවසීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තවත් සංවේදී පරිසර කලාප 4ක් නම්කෙරේ
Hafeel Wednesday, 18 August 2021 12:49 PM
අර පුත්තලමේ ඔක්සිජන් ඇමතිගෙන් පරිස්සම් වෙමු.
Deepal Nirosh Wednesday, 18 August 2021 01:41 PM
කරුණාකරලා මේ හඳුන්වාදීපු සංවේදී පරිසර කලාප ඒවාට සංවේදී මානව සත්වයින්ගෙන් ප්‍රවේශම් කරමු...
Raveendra Wednesday, 18 August 2021 04:29 PM
ඉතාම හොඳ තීරණයක්. එලෙසම මෙම සංවේදී කලාපවලට අදාල නීතිරීති අකුරටම ක්‍රියා කිරීමට අදාළ ආයතනට හැකිවේ නම් මස් වැද්දන්ගෙන්, පස් වැද්දන්ගෙන්, වැලි වැද්දන්ගෙන්, ගස් වැද්දන්ගෙන් එම ප්‍රදේශ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත හැකි බව අප තරයේ විශ්වාස කරන්නෙමු...