(චමින්ද මුණසිංහ)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සෘණ සියයට 1.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත්තේ 2021 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිවේදනය කරමිනි.
2021 වසරේ තුන්වැනි කර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිල්යන 2,497,489 දක්වා පහළ ගොස් ඇති අතර එය 2020 වසර් තුන්වැනි කර්තුවේදී රුපියල් මිලියන 2,536,490 ලෙස වාර්ති වී තිබූ බව ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුව සඳහන් කරයි.
ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදෙන ප්‍රධාන සංරචකව කෘෂ්කර්මය, කර්මාන්ත, සහ සේවා යන අංශ පවත්නා මිල ගණන් යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් සියයට 8.7ක්, සියයට 29.9ක් සහ සියයට 57.4ක් ලෙස සටහන්ව ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ‘‘භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු“ සංරචකය 2021 තුන්වැනි කර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 4.1ක දායකත්වයක් ලබාදී ඇතැයි ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම 2021 වසරේ තුන්වැනි කර්තුවේදී සමස්ථයක් ලෙස කෘෂිකර්මික කටයුතු සියයට 1.7ක මන්දගාමී වර්ධනයක් වාර්තා කර තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කර්තුවේදී සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 2.1 ක පසු බෑමක් වාර්තා කර තිබේ.සමස්ත සේවා අංශයේ වර්ධනය ද මෙම කාර්තුවේදී සියයට 1.6කින් පහත වැටී ඇති බව ද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තෙවන කාර්තුවේ ආර්ථික සෘණ වෙයි
wahaldeepe Thursday, 16 December 2021 06:35 PM
අව්ලක් නෑ සෘණ සියයට 1.5ක " වර්ධනයක් " නෙ.