IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තෙවැනි කොරෝනා රැල්ලෙන් පාඩු වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

නව කොරෝනා ව්‍යවසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට සහන සලසන ලෙස බැංකුවලට උපදෙස් දී ඇතැයි මහ බැංකුව කියයි.

රැකියා අහිමිවීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසාදැමීම යනාදී දුෂ්කරතා සැලකිල්ලට එක් එක් අවස්ථාව අනුව ණය පහසුකම්වල මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම අයකරගැනීම අගෝස්තු මස 31 වැනිදා කල් දැමිය යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මහ බැංකුවෙන් ලබාගත හැකි බවත් මීට අදාළ ව බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කර ඇති 2021 අංක 05 දරන චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දක්වා ඇතැයි ද එම බැංකුව කියයි.

මෙම සහන ණය යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් මේ මස 21 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව සහ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පිළිගත හැකි හේතුවක් මත ජූනි මස 21 වැනිදායින් පසුව ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් බාරගන්නා ලෙස ද බලපත්‍රලාභී බැංකුවලට දන්වා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් කියයි.

 



අදහස් (2)

තෙවැනි කොරෝනා රැල්ලෙන් පාඩු වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන

aruna Wednesday, 02 June 2021 04:18 AM

ගියපාර වාගේ මේ පාරත් උගුලක දාන්නද යන්නේ? මේකට කියන්න ඔනෑ මූල්‍ය අායතන වලට සහන කියලා.

:       2       8

sandaruwan Wednesday, 02 June 2021 06:53 AM

හොඳ පුවතක්... ස්තුතියි ලංකාදීප...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 133 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1236 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 344 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 804 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site