(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තවුහිත් ජමාත් සංවිධානයේ මතවාදය ප්‍රචාරණය කිරීම සඳහා සකසා තිබූ සංයුක්ත තැටි තුනක්,විදේශ ගමන් බලපත්‍ර පහක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආමර් වීදිය පොලිසිය පවසයි.
ආමර් වීදියේ මහල් නිවාස සංකීර්ණයේ සැක කටයුතු පුද්ගලයින් රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
ඒ අනුව නිවසේ සඟවා තිබියදී තවුහිත් ජමාද් සංවිධානයේ මතවාදය ඇතුළත් සංයුක්ත තැටි තුනක් , ටැබ් පරිඝනකයක් ,ජංගම දුරකථන 12,විදේශ ගමන් බලපත්‍ර 05, සොයා ගැනීමට හැකි වූ බව කියයි.
මෙම විදේශ ගමන් බලපත්‍ර දෙකක් කාන්තාවන්ගෙ නමටද තුනක් පිරිමි පුද්ගලයින්ගේ නමටද නිකුත් කර ඇති අතර ඉන් දෙකක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නමට නිකුත් කර ඇති බවද පැවසේ.
පොලිස් භාරයට ගත් ජංගම දුරකථන දෙකේ තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකරකම් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළත්ව තිබූ බව පොලිසිය කියයි.
මොහොමඩ් සහරාන් නැමැත්තා මීට මාසයකට පෙර මෙම නිවසට පැමිණ ගොස් ඇති බවද පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තවුහිත් ජමාත් සංවිධානයේ 2 ක් ආමර් වීදියේදී අත්අඩංගුවට