IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තුෂාන්ගේ ප්‍රකාශයට බන්දුල පොලිසි යයි

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාට බලපෑම් කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට අද (23) පැමිණිල්ලක් කළ බවත් දේශපාලඥායකු ලෙස උපනූපන් පරම්පරාව වෙනුවෙන් යුතුකම් ඉටුකර ඇති තමා කිසිසේත්ම වංචා සහ දූෂණවලට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂා නොකරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

‘සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන ලද බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා පසුගියදා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කර තිබූ බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමඟ ඍජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් මෙන්ම මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල සේවය කර ඇති බව ද සඳහන් කළේය.

යහපාලන රජය රුපියල් බිලියන 28 ක (කෝටි 2800) අලාභයක් සහිත වර්තමාන රජයට උරුමකරදුන් සතොස යළිත් ගොඩනැංවීමට කටයුතු කරමින් සිටියදී බොහෝ පාර්ශවයන් එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන බවත් හිටපු අධ්‍යක්ෂකවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ යම් වංචාවක් සිදු කර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.

 වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (23) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉවත්වෙමින් පැවසුවේ අමාත්‍යවරුන්ගෙන් එල්ල බලපෑම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි.



අදහස් (9)

තුෂාන්ගේ ප්‍රකාශයට බන්දුල පොලිසි යයි

saman Thursday, 23 September 2021 05:46 PM

මේ මනුස්සයට දුන්න මනාපේ හරකෙකුට දුන්නා නම් හොඳයි කියල හිතෙන්නේ මට විතරද?

:       7       65

විපරමා Thursday, 23 September 2021 09:04 PM

අපි ඔබ ගැනත් නොදන්නවා නොවේ

:       1       17

SISILThursday, 23 September 2021 10:32 PM

දුෂිත දේශපාලකයන් සහ නිලධාරීන් දැනුවත්ව ජනතාව නොදන්නා කොපමණ දූෂිත ක්‍රියාවන් වෙනවා ඇතිද.?

:       0       10

jayantha Thursday, 23 September 2021 09:45 PM

මේ මිනිස්සු රට හදන එක ඇරෙන්න අනිත් හැමදේම කරනවා.

:       2       12

jayantha Thursday, 23 September 2021 09:46 PM

යන්න යන්න තව අවුරුදු කියියද ඕකත් ඔහොම ගෙවලා දාන්න නිකරුනේ...

:       2       11

දාස Friday, 24 September 2021 06:23 AM

ඔබ ඔතරම් රටට වැඩක් කලබවට පුර සාරම් කියනවා. කරුනාකර ඔබ වත්කම් රටට හෙලිකරන්න.

:       0       1

SL Friday, 24 September 2021 08:48 AM

මහත්තයෝ සරලයි , තමන්ගේ සහ පවුලේ වත්කම් ප්‍රකාශනයක් පසුගිය වසර 20 ම දෙන්න. ඊට අමතරව සතොසම 150 ට විකුණලා අයෙත් සතොස්ටම 400 ටම ගන්නේ ඇයි කියල විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න. එහෙම විකුනපු පිරිස ගැන දැනටමත් ඔබ ගත්තු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න.

:       0       1

Sunil Friday, 24 September 2021 09:10 AM

ඇත්ත කතා කරන නිලධාරීන්ට අපේ ප්‍රණාමය.

:       0       1

sarath perth Friday, 24 September 2021 10:17 AM

බලමු ජනාධිපතිතුමා මේගැන ගන්නා ක්‍රියා මාර්ගය කොහොමවෙයිද කියා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1732 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site