(අංජුල මහික වීරරත්න)
තේ වගාකරුවන්ට අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 63,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා පොහොර ආනයනකරුවන් අද (16) කෘෂිකර්ම අමාත්‍යවරයාට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව දැනටමත් සිය ගබඩාවල ඇති පොහොර තොග එළවළු වගා කරන ගොවීන් සඳහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට ද ආනයන කරුවන් එකඟතාවය පළ කර තිබේ .
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.
මෙහිදී පොහොර ආනයනකරුවන් පවසා ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලැබිය යුතු විශාල මුදලක් ගැනීමට නොහැකිව පැවැතිම නිසා පොහොර ඇනවුම් කිරීමේ බාධා පැමිණ ඇති බවයි.
ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ජනවාරි 05දාට පෙර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ලබා දීමට ද පියවර ගන්නා බව අමාත්‍ය අලුත්ගමගේ මහතා මෙහිදී පොහොර ආනයන කරුවන්ට පොරොන්දු වී තිබේ.
පොහොර ආනයනකරුවන් සහ දේශීය පොහොර නිෂ්පාදකයින් මුහුණපාන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කර ඇති අතර මේ අනුව යල කන්නයට අවශ්‍ය රජයේ නිර්දේශිත රසායනික පොහොර ආනයනය කර විවෘත වෙළඳපොලේ විකිණිමට පියවර ගන්නා බවත් ජනවාරි හා මාර්තු අතර කාලයේදී ආනයන සම්පූර්ණ කරන බවත් පොහොර ආනයනකරුවන් මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
එමෙන්ම යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට ද පොහොර ආනයනකරුවන් හා දේශීය පොහොර නිෂ්පාදකයින් එකඟතාවයට පැමිණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තේ වගාකරුවන්ට අවශ්‍ය රසායනික පොහොර 63,000 ක් වෙළෙදපොළට
සෙනෙවිරත්න Thursday, 16 December 2021 04:31 PM
අම්මෝ යන්තම් ඇති මොළේ පහළ වුණා. ඊළඟට සුද්දන් කෑගහවිද දන්නේ නැහැ අපේ තේ බීලා පිළිකා හැදෙනවා කියලා...
සකලබුජං Thursday, 16 December 2021 05:05 PM
ආයේ අපිට කිරි තේ එකක් බොන්න පුළුවන් වෙන්නෙ කවද්ද ? මුදල් ඇමැති රට ඉඳන් ආවට පස්සෙද ?
Ka. Nimal upali rupasinha Saturday, 18 December 2021 09:53 AM
අත්තටම හොඳ වැඩක් කළා මීට පෙර මෙම තීන්දුව ගත්තා නම් මේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැතිවෙනවා .මින් ඉදිරියට රසායනික පොහොර ගෙන්වීම නවත්වන්න එපා