සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාතෙන්, අද උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 609ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒය ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ එම ආසාදිතයන් අතරින් 572ක් ම සාමාන්‍ය ජන සමාජයෙන් වාර්තා වී ඇති බවයි. අනෙක් 33 දෙනා රෝහල්වලින් වාර්තා වී ඇත.
ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 288කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනකු වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 116ක් වාර්තා වී ඇති බව මහගමගේ මහතා සඳහන් කළේය.
මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,853කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 15,271ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8,989ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3,593ක් වාර්තා වී ඇත.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දකුණු පළාතෙන් පැය 24ට ආසාදිතයන් 609