(ක්‍රිෂාන් ජීවක ජයරුක් )
දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් හා පුහුණු පතොරම් 107 ක් ඇතුළු සැකකටයුතු උපකරණ ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතික පුද්ගලයින් 10 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව එම ගම්මානය වට කර මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
එහිදී ඉස්ලාමීය ආගමික පොත් ගිනි තබා පුළුස්සමින් සිටි 23 හැවිරිදි තරුණයකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඊට අමතරව සැකකරුවන් සිව් දෙනෙකු සන්තකයේ තිබු කඩු වලින් කඩු දෙකක් මීට පෙර කොළඹ මුස්ලිම් පල්ලියක තිබී සොයා ගත් කඩු වලට සමාන ඒවා බව පොලීසිය සඳහන් කරයි.
පතරොම් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස තුළ තිබී විදේශීය රටක ආරක්ෂක හමුදාවක් භාවිත කරන හමුදා නිල ඇඳුම් කට්ටලයක්, දුරදක්නයක් හා පතොරම් බහාලුමක් පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව අරාබි ජාතිකයකුගේ හැඳුනුම්පතක් ද සොයා ගෙන තිබේ.
මෙම සෝදිසි මෙහෙයුමේ දී එම ප්‍රදේශයේ නිවාස 850ක් පරික්ෂාවට ලක් කළ බව පොලීසිය කියයි.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දික්වැල්ලෙන් කඩු පතුරොම් හමුවෙයි
සේන Sunday, 28 April 2019 02:51 PM
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විශේෂ කාර්ය බලකාය තම සේවය තිතට කරනවා. ඕවා උසාවි දැම්මට පස්සේ තමයි...