IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මියයයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක්  එහි නාම පුවරුවක  ගැටීමෙන් සිදු වු අනතුරකින්  වෑන් රියෙහි ගමන් කළ කාන්තාවක්  මිය ගොස් ඇගේ සැමියා, පුතා සහ දියණියන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පොලිසියි පවසයි.

  අද (26) උදෑසන මෙම අනතුර සිදු වී තිබේ. 

තුවාල ලැබු  සිව්දෙනා නාගොඩ රෝහලට ඇතුළු  කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි බාල දියණිය කොළඹ ජාතික රෝහලට යවා  ඇතැයි පොලීසිය කියයි.
 
වෑන් රිය පැදවු  ඔවුන්ගේ පුත්‍රයාට  නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.



අදහස් (9)

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මියයයි

janatha anura UAE Wednesday, 26 December 2018 05:32 AM

වරද මාර්ග නිර්මාණකරුවන්ය. ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ... සියලුම අනාරක්ෂිත විදුලි කණු, නාම පුවරු, ගන්ට්‍රි කණු, අඩිය ඇති තැන්වල කොන්ක්‍රීට් බැරියර් සිංගල් පැති සහිතව ඉදිකළ යුතුයි.

:       334       6

GihanWednesday, 26 December 2018 05:12 PM

මෙතුමාගේ බුද්ධි මහිමය දැක්ක නේද. ?

:       1       17

janatha anura Wednesday, 26 December 2018 05:38 AM

නිදිමත නිසා ජීවිත නැතිවේ. අධිවේගවල රියැදුරන් නිදි මත දැනේ නම් වහාම කිට්ටුම ස්ථානයෙන් මාර්ගයෙන් ඉවත් විය යුතුයි. විනාඩි පහක ව්‍යායාමය සහ රටකජු වැනි යමක් අනුභවයෙන් තවත් පැයක කාලයක් ගමන් කල හැක.. දිනපතා ව්‍යායාම කරන විට නිදි බර ඇති නොවේ.. නිතරම දුරගමනේදී නිදි මත දැනේ නම් ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඔබගේත්, අන් අයගේත් ජීවිත රැකෙනු ඇත..

:       3       77

wedage Wednesday, 26 December 2018 06:50 AM

අම්මලා හිතාගෙන ඉන්නේ පුතෙක් හදාගෙන රියදුරු බලපත්‍රයක් අරගෙන දුන්නාම පුතා විශ්වකර්මයෙක් කියලා ඉස්සරහ ආසනයේ ඉඳගෙන නිදාගන්න එකම තමයි කරන්නේ පුතාට මහන්සිද? නැත්ද? කියලා බලන්නේ නෑ..

:       0       223

Sathyayaa Wednesday, 26 December 2018 06:51 AM

අපේ පල්ලෙවත්ත මහත්තයට මොකද දන්නේ නැහැ තාම හිතුනේ නැත්තේ එයාර් බෑග් උපාංගය වගේම රියදුරාට නිදිබර ගතිය සටහන් කරගන්නා කැමරාවක් සහිත මෙවලමක් තනා ඒ අනුව අනතුරු හඟවන ආලෝකයක් මෙන්ම, ශබ්දයක්ද නිකුත් කරන්න ක්‍රමයක් හඳුන්වා දෙන්න.. ඒ මහත්තයාට සමහරවිට හිතුණද දන්නේ නැහැ... නිදිමතේ රථ එලවන එකම රට ලංකාව වීමත්, එයිනුත් නින්ද යන අනුපාතය ඉතාම කුඩා සංඛ්‍යාවක් නිසා ජපන් සමාගම් ඔය වැඩේට අතගහන එකක් නැහැ කියලා. අත ලෙවකන්න කවුරුත් මී කඩන්නේ නැහැනේ...!

:       39       88

Rohana Wednesday, 26 December 2018 08:04 AM

නින්ද යන අය වාහන එළවීම භයනක බවට මේ අනතුරෙන් වත් පාඩම් ඉගෙන නොගැනීම තමයි කණගාටුව... රටේ සිදුවන රිය අනතුරුවලින් දැන් සැලකිය යුතු කොටසක් රියදුරුට නින්ද යාමෙන් සිදුවන අනතුරු බවට පත්වෙලා තිබෙනවා...

:       0       121

ET Wednesday, 26 December 2018 10:48 AM

වාහනයක් පදවන විට සියළු දෙනාම නිදි ගැනීම අප කරන බරපතල වරදක්. කෙනෙක් රියදුරු සමඟ කථා බහ කරමින් යාම වඩා සුදුසුයි.

:       2       137

Desh0212feb Wednesday, 26 December 2018 01:51 PM

යන තැනක පරිස්සමෙන් පලයල්ලා. ඒ පුතා කොහොම හිත හදා ගන්නද? තමන්ගේ අතින් අම්මා මැරුණු නිසා.. වැරදි වුණාම කවුරුත් නැත..

:       0       25

මංජු Thursday, 27 December 2018 06:26 AM

අර උඩ කමෙන්ට් ඒකක තිබුණු සෙන්සර් කතාව දැකලා ලියන්න හිතුනේ. දැන් එන අලුත් වාහන වල ඔය කියන සෙන්සර් තියෙනවා . රියදුරුට නිදිමතනම් මැද කන්නාඩියෙ සෙන්සරයකින් ඒක දැනගෙන ගෙන අනතුරු හැගවීමේ හඩක් එනවා. ඒ වගේම බිමත්ව රිය පදවන විටදී වාහනය ගමන් ගන්නා ආකාරය අනුව ඒකට ප්‍රතිචාර දක්වන වාහන තියෙනවා. හැමෝටම ඒ වගේ වාහන නැති එක ඇත්ත. එත් ඒ සෙන්සරේ වැඩේ වාහනේ යන කෙනෙක් බාර ගන්නවානම් ඔහොම මිනිස්සු මැරෙන්නේ නෑ .

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 120 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 85 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 128 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 429 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 631 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 725 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site