IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දෙටු පුරවැසියන් තවත් ලක්ෂ 2කට රුපියල් දෙදහසේ මාසික දීමනාව

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිස් දෙනෙකුට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2000 මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හාර ලක්ෂ දහසය දහසකට වැඩි සංඛ්‍යාවක් එම දීමනාව දැනට ලබන බවත් ඇය සඳහන් කළාය.

දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් රඳවා තබා ගන්නේ වැඩිහිටි නිවාසවල අඩු පාඩු සම්පූර්ණ කිරීමට බව රාජ්‍ය අමාත්‍යවරියගේ ආරාධනයෙන් මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා කීවේය.

වැඩිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ඉල්ලීම මත එම මුදල රඳවා තබා ගැනීමට මීට ඉහතදී තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (2)

දෙටු පුරවැසියන් තවත් ලක්ෂ 2කට රුපියල් දෙදහසේ මාසික දීමනාව

කස්සප Wednesday, 04 August 2021 12:49 PM

ත්‍රීරෝද රථයක ගිහින් බෙහෙත් ටික ගත්තම ඒකෙන් බාගයක් අහවරයි. ඉතුරු 1000 න් මාසයක් ජීවත්වීමට පුළුවන්ද? අරුම පුදුම විදිහට වැඩිහිටියන්ට සලකන රටක් මේක දැන්

:       32       13

ramya Friday, 06 August 2021 12:07 PM

මේ වයසක අයගෙන් ගොඩක් දෙනෙක්ට එයාලාගේ දරුවන් හරි, වෙන එයාලාව බලන නෑදෑයන් ඉන්න අය හරි හරියට සලකනවා නම් ඒ අයට රජයේ දීමනා එනතුරු බලන් ඉන්න ඕනෑ නැහැ නේද​? දරුවන් හෝ වෙන කවුරුත් නැති අයට නම් රජයේ පිළිසරණ අවශ්‍යයි. ඒ වුණාට ඔබ සිතන විදිහට හැම දෙයම රජයෙන් නිකම් දෙනකම් සිටිමයි මෙතන වැරැද්ද​... අපි දන්නා තැනක දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම රැකියා කරනවා. දුවලා දෙන්නෙක්ම අවිවාහකයි රැකියා කරනවා. ඉන් එක් දුවෙක් රජයේ රැකියාවක් කරලා සෑහෙන හොඳ වැටුපක් ගන්නවා මූලික පඩිය රුපියල් 50000 කට වැඩියි. ඒ ගෙදර තාත්තා මිය ගියේ 2020 වසරේදී. ඒ වනතුරුම තාත්තා දෙටු පුරවැසි දීමනාව ගත්තා. ඒ ගෙදරට ඇත්තම කියනවා නම් ඒ දීමනාව අවශ්‍ය නැහැ. ඒ වුණත් දන්නා කෙනෙකුගේ මාර්ගයෙන් හදාගෙන​... ඒ තාත්තාගේ සහෝදරියක් ඉන්නවා. සැමියා මියගොස් ආදායමක් නැහැ. අනික් සහෝදරියක් සහ ඥාති පුතුන්, දියණියන් දෙතුන් දෙනෙක්ගේ උදව්වෙන් ජීවත්වෙන්නේ. එයාට අදවත් ඔය දීමනාව නැහැ. ග්‍රාම නිලධාරිනියට එයාව සුදුසු මදි. ඒ වගේම අර සල්ලි තිබෙන සහෝදරයාගේ ගෙදරින් මුකුත් උදව් නැහැ. ඒ නිසා රජයට විතරක් බැනලා හරි නැහැ. ඕවා හොර පාරෙන් ගන්නා අය නිසා තමයි නියම දුප්පතුන්ට තට්ටු වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 62 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 177 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 730 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 765 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1022 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 236 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site