IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දත්ත මැකූ මහ මොළකරු ආණ්ඩුව තාමත් සොයාගෙන නෑ

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගොස් දෙමසක් ඉක්ම ගොස් තිබියදීත් රටේ ජාතික ආරක්ෂාව‍ට මෙතරම් සංවේදී දත්ත පද්ධතියක් සමඟ සෙල්ලම් කළ මහ මොළකරු සොයාගැනීමට  සමත්කමක් නැති ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන් හෝ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගනු ඇතැයි සිතීමත් විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට සිදු වූ බොහෝ ව්‍යසනකාරී සිදුවීම් පිටුපස සිටින අදිසි හස්තය වසන් කිරීමටත්, මහ මොළකරුවන්ට පලා යාමට දොරටු විවර කරදීමත් වත්මන් ආණඩුව යටතේ මුල සිටම සිදුවන්නක් වන අතර ඒ පිළිබඳව විපක්ෂය ලෙස සමඟි ජනබලවේගය සිය දැඩි අවධානය යොමුකර ඇති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී මේ වනවිට මාස 02ක් ඉක්මවා තිබේ. මෙලෙස ‘අතුරුදහන්’ වී ඇත්තේ රටේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු පොදු දේපළකි.

මෙම බරපතල වරද පිළිබඳව ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටින්නේ අතිශය මන්දගාමී ස්වරූපයකින් ය. තවමත් මේ සිද්ධියට අදාළව විමර්ශන සිදුවන අතර නිශ්චිතවම වගකිය යුතු පුද්ගලයින් අනාවරණය කර නැත. මෙවන් ව්‍යසනයක් සිදුව තිබියදීත් ඒ පිළිබඳව ඇල්මැරුණු ස්වරූපයකින් කටයුතු කළ හැක්කේ අදාල දත්ත මැකීමෙන් ආශිර්වාදයක් වූ අයෙකුට හෝ කල්ලියකට පමණි.

දත්ත මැකීයාම ඖෂධ හා උපකරණ මෙරටට ආනයනය කර නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය මැකීයාම සිදුවූවා විය හැකිය යන්න නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවා අධිකරණයේදී අවධාරණය කරනු ලැබීය.

කොරෝනාව ගරානාවක් බවට පත්කරගත් කල්ලි විසින් ආණ්ඩුව සිය ග්‍රහණයට ගෙන ඇති අතර මෙම දත්ත අතුරුදහන් වීමේ කුප්‍රකට සිදුවීම පිටුපසද එවැනි කල්ලියක හස්තය ඇතිබවට අතිශය සාධාරණ සැකයක් මලුමහත් සමාජය තුලම පවතී.



අදහස් (11)

දත්ත මැකූ මහ මොළකරු ආණ්ඩුව තාමත් සොයාගෙන නෑ

Raveendra Thursday, 23 September 2021 01:41 PM

දත්ත මැකු මොලකරු නැහැලු සොයාගෙන......... "දතා" කොහෙද කියා බැලුවොත් නරකද පුතානෝ..... රෙද්ද අස්සේ ඉන්න දතා මක්කට සොයමුද යාළු.... බොරුවට මම කෑගැහුවේ විපක්ෂේ ලොක්කානෝ.....

:       12       18

යෝගා Thursday, 23 September 2021 01:54 PM

සජිත් මහත්තයෝ වටේටම කෑගහන්න ඉස්සෙල්ලා අර අරයගෙනුයි එයාගෙ චතුර කටක් තියෙන පුතාගෙනුයි අහල ඉන්නකො

:       9       16

fairoos Thursday, 23 September 2021 02:17 PM

ඥාණසාර හාමුදුරුවන්ගෙන් ඇහුවොත් කියයි කවුද කියලා

:       7       7

Rasi Thursday, 23 September 2021 02:30 PM

දන්නේ නැහැ නේද? හොර ගෙඩියා. මිනිහ ඔයාට පිටිපස්සෙන් හැංගිලා ඉන්නේ. අපිට කියන්න එපා. මොකද, මහින්ද එයාව අත්අඩංගුවට ගන්නෙත් නැහැ. ඔයා බලයට ආවත්, එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. අපිට අපි ගැනම පව් කියල හිතෙනවා.

:       5       15

RaveendraThursday, 23 September 2021 03:08 PM

කෑමොර දෙන්න දක්ෂය මම බබාණෝ...... දත්ත මැකුව කෙනා නොදත් බබාණෝ....... මේක අස්සේ ඉන්න එකා කවුදෝ........ දන් නැහැ අනෙ මගෙ නම බබාණෝ.........

:       4       6

සමන් Thursday, 23 September 2021 03:08 PM

2019 පාස්කු ප්‍රහාරය වෙලා මාස හය හතකට පස්සේ ජනාධිපතිවරණයට ඔබතුමා ඉල්ලනකොටත් ඔබේ ආණ්ඩුවට බැරිවුනානේ ඒක විසඳන්න. ඉතින් ඔබ මාස දෙකෙන් මේකේ ප්‍රතිඵල ඉල්ලන එක හරිද.

:       3       5

කිරි පුතා Thursday, 23 September 2021 03:14 PM

ඇයි දත්ත මෑකූ අදිසි හස්තය වලවෙට්ටුවා ගෙ පැත්තෙද ? සෞඛ්‍ය ඇමති කම එහෙම දැරුවෙ. නැව් එහෙමත් තියෙනවලු. දෙගොල්ලම දෙගොල්ල ආරක්ෂා කරගන්න නිසා වැඩේ යට යන්නත් ඉඩ තියෙනවා. චන්න සර් අවංක වුණාට බෑ.ඔය පක්ෂ දෙකේ ඈයො බෙදාගෙන කන්නෙ.

:       4       8

225න් එක කම්බා හොරෙක් Thursday, 23 September 2021 03:27 PM

ඔක්කොටම ඉස්සරවෙලා තමන්ගේ සහ පවුලේ පසුගිය අවුරුදුඅ 20 ට ආදායම්, වියදම්, දේපොළ වාර්තාවක් දෙමුද !!

:       0       0

Lelwala Thursday, 23 September 2021 04:04 PM

යහපාලන යෙන්ම තමා අහන්න ඹ්න.

:       0       4

Amila Thursday, 23 September 2021 04:05 PM

ඊළඟට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් දත්ත

:       2       0

Chandima Thursday, 23 September 2021 04:43 PM

කොහේ අල්ලන්නද .වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ සූම් තාක්ෂනයෙයි වයිබර් තාක්ෂනයයි හරහා .බොහොම දුර දිග බලලානේ .

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1731 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site