IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දැදුරුඔය ජලාශ රක්ෂිතයේ වන වගාව ගලවා සී සාති

රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ 

දැදුරුඔය ජලාශ රක්ෂිතයේ වන වගාවක් ගලවාදමා වී වගා කිරීම සදහා සී සාන ලද සිද්ධියක් පිලිබඳව වාරියපොල මළගනේ ප්‍රදේශයේ පරිසර හිතකාමීන් පිරිසක් අද (19) දහවල් වාරියපොල පොලිසියට පැමිණිලි කලහ.

මීට මාස නමයකට පමණ ප්‍රථම දැදුරුඔය ජලාශය බාර ඉන්ජිනේරුවරයාගේ අනුදැනුම මත ප්‍රදේශයේ මහා සංඝරත්නය, මළගනේ ප්‍රදේශවාසීන්, අාබාධිත රණවිරුවන් පාසල් පරිසර නියමුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුඹුක් ඇතුළු පරිසර හිතකාමී පැල දෙදහසක් මෙම දැදුරුඔය රක්ෂිතය තුල සිටුවීමට පියවර ගැනිණි. 

එහෙත් නව වසර සදහා පැල සිටුවීමේ දිනය වන අද දිනයේ එම වන වගාවෙන් කොටසක් ගලවා දමා එම රක්ෂිතයේ  වී වගාව සදහා බිම සකස් කිරීමට කිසියම් පිරිසක් ක්‍රියාකර ඇතිබව පරිසර හිතකාමීන් කියා සිටිති. මෙම ක්‍රියාව නවතා දමන ලෙස අදාළ පිරිස දැනුවත් කරනු ලැබුවත් ඔවුන් එම කටයුත්ත දිගටම සිදුකරගෙන යන බැවින් පරිසර හිතකාමීන් විසින් වාරියපොල පොලිසියට සහ දැදුරුඔය බාර වාරි ඉන්ජිනේරුවරයාට පැමිණිලි කර ඇත. ඉතිරිව ඇති වන වගාව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව ඔවුන් මෙසේ අදාල අංශ වලට පැමිණිලි කලහ.

පරිසර සහ සොබදහම් අධ්‍යාපන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාද මෙම ස්ථානයට පැමිණ සිදුකර ඇති විනාශය පරීක්ෂා කර ප්‍රදේශවාසීන්ට ගතයුතු ඉදිරි පියවර අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.



අදහස් (11)

දැදුරුඔය ජලාශ රක්ෂිතයේ වන වගාව ගලවා සී සාති

Amara Sunday, 19 April 2020 02:54 PM

ඔය ඉඩම් වල සිටි අයට හොඳම රජයේ පොල්වතු හිරිපිටිය ගනේවත්ත ප්‍රදේශයේ ලබා දීල තියෙන්නේ. මේක අපරාධයක්...

:       78       121

api goviyoMonday, 20 April 2020 04:58 AM

පොල්වත්තේ හිටගෙන ඉන්නද? මාලුබාන්නද කියන්නේ...? අපි කම්මැලි කුම්බකර්නයෝ නොවේ... වැඩකරන අටු කොටු පුරවන දෑතේ සවිය ඇති පිරිසක් වවන්නේ නුඹලාටත් එක්ක ආහාර නැති දවසට...

:       0       0

ධම්ම Sunday, 19 April 2020 03:15 PM

මේ තමයි අපේ මිනිසුන්ගේ හැටි. වවන්න කිව්වම රක්ෂිතවල, වනාන්තරවල, සොහොන් පිට්ටනිවල, පාරවල්වල, කොච්චිපාරේ වවන්න ගන්නවා. ඊට පස්සේ සීමා මායිම්වලට ඇනකොටා ගන්නවා.

:       0       111

janahitha Monday, 20 April 2020 05:00 AM

වවන උන් කොහේ හරි වවනවා... අනෙක් උන් බෝක්කු උඩට වෙලා උඩ බලන් ඉන්නවා... කැත්ත, උදැල්ල ජිවිත කාලෙටම අල්ලලා නැහැ

:       0       0

samare Sunday, 19 April 2020 03:18 PM

මොලේ අමාරු කාරයින් වගයක්. පොලිසියට ගෙනිහින් මුන්ගේ ඇට කටු කඩන්න ඕනා. අනිවාර්යයෙන්ම දුෂිත හොරෙක් නොහොත් දේශපාලුවෙක් මිට සම්බන්ධ විය යුතුමය. මොකද දේශපාලුවන්ට පමණයි මොලය, බුද්ධිය, උගත්කම, වැනි අගනා දේවල් " පිහිටලා නැත්තේ ". අපේ රටේ අවාසනාවට උපන් කාලකන්නින්ට කවුරුවත් ගරු නොකර ඉන්නේ ඇයි...?

:       0       205

janabala Monday, 20 April 2020 05:02 AM

වැඩකරන ජනතාවට උපහාරය ජිවිතේට කැත්ත උදැල්ල නොඇල්ලන කාර්යාල රැකියා හොයන අයගේ මොනාද කරන්න ඕනේ ?

:       0       3

Cham_AUS Sunday, 19 April 2020 10:57 PM

කවුරු උනත් මේ කරපු වැඩේට මම නම් කැමතියි. රක්ෂිතය විනාස කරා කියලා කෑ ගහන්නේ මොකක් හරි කරොත් විතරයි. එයත් රක්ෂිතයක් තියෙනවද කියලවත් සමහරු දන්නේ නැහැ. ඔතනින් රටට හරි තමන්ට හරි හාල් කිලෝ 100ක් වත් ගන්න පුළුවන් උනොත් ඒක යම්කිසි කොට්ඨාශයකගේ ආහාර සදහා ගන්න පුළුවන් වගේම නිකන් ඉන්න මිනිස්සු ටිකක් ඒකට හුරු වෙනවා. හොඳ දේවල් වලට අපි හොදයි කියමු යාලුවනේ.

:       0       0

ass charya Monday, 20 April 2020 04:16 AM

අර විල්පත්තුව කපනවා කියල බෙරිහන් දුන්න පරිසර හිතකාමී එකෙක්වත් මේ නිවුස් දකින්නෙ නැහැ. හේතුව ආගම ජාතිය.

:       0       0

paramparika goviyo Monday, 20 April 2020 04:51 AM

මෙතන රජකාලයේ පටන් තිබුනේ කුබුරුයායක්... එය අස්වැද්දීම අපරාදයක් වන්නේ කොහොමද? සුද්දගේ නීතිද? අපිට අපි එක ගහක් කපල නැහැ වී වගාව බලාගන්න පුලුවන් ඇවිල්ලා...

:       0       0

goviya Monday, 20 April 2020 04:55 AM

සියලුම මුඩුබිම් වල වගා කලයුතුය... මේවට අකුල් හෙලන, වැඩ නොකරන, කොමෙන්ට් දමන පිරිස් වහාම කුඹුරට බැස්සවිය යුතුය...

:       0       0

Nuwan Monday, 20 April 2020 07:11 AM

මාගේ මතෘභූමිය විනාශ කලේ 1948 ඉදන් බලයට ආපු දේශපාලුවෝ එකෙක් නැර!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 15 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 20 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 20 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 59 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 94 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 177 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site