IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දැනට ඇති ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකරන බව අගමැති කියයි

(අංජුල මහීක වීරරත්න)
 
අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලු දෙනා අල්ලන තුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද (2) දැනුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කට එකවර හා තවත් ස්ථාන දෙකකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ රජයට දුන් නවතම වාර්තාව බාර ගැනීමෙන් පසුවය.

වර්ෂ 2015 තෙක් එල්ටීටීඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂණයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියා කිරිමට පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපය ඇතුළත අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉහත වාර්තාවේ දැක්වේ.

එසේම සාම සාධක හමුදා ලෙස මාලි රාජ්‍යයේ කළ සේවයේ අත්දැකීම් ද අයිඑස්අයිඑස් මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.

ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණ කඩිනම් කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් හා එෆ්බීඅයි සංවිධානවල සහය හිමිවීම පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට හැකිවූ බවද ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.  

 



අදහස් (12)

දැනට ඇති ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකරන බව අගමැති කියයි

පිටිගල මිලානෝ Thursday, 02 May 2019 10:05 AM

වහාම මැතිවරණයක් පවත්වා රටට සුදුසු නායකයා පත් කරගන්න මහජනයාට ඉඩ දෙන්න.

:       557       745

සෑම්විල් Thursday, 02 May 2019 10:08 AM

බීන් මේ අස්සෙත් විහිලු කතා කියනවා.

:       318       534

Bandara Thursday, 02 May 2019 10:13 AM

දැන් ඉතින් ඔක්කොම ටික වෙලා ඉවරයිනේ්‍.......

:       123       210

Smith Thursday, 02 May 2019 10:44 AM

කාදිනල් උන්නාන්සේට වෙඩි නොවදින රථයක් දෙන්න ගිහිල්ල අග මැට්ට ඇනගත්ත නේද? හු හු ඇද්ද.

:       230       318

Raveendra Thursday, 02 May 2019 10:45 AM

අනේ මෙයා මේ මොනවාද දොඩවන්නේ..???

:       271       331

saman Thursday, 02 May 2019 10:53 AM

මෙයාද දැන් ආරක්ෂක ඇමති ?

:       0       0

සේන Thursday, 02 May 2019 10:57 AM

කරුණාකරලා මැතිවරණයක් තියලා රටට සුදුසු නායකයෙක් පත් කරගන්න ජනතාවට ඉඩ හරින්න.ඔබේ බල තණ්හාව නිසා රටට සෑම අතින්ම පහළටම වැටුණා. ව්‍යස්තාවටයි , නීතියටයි වෙට්ටු දදා බලයේ හිටියා ඇති. මේක මහ කරුමයක් මගේ මාතෘ භූමියට

:       0       0

Appuhami Thursday, 02 May 2019 11:01 AM

බණ්ඩාර කොහොමද කියන්නේ ඔක්කොම වෙලා ඉවරයි කියලා..........එතකොට ඔය අහුවෙන කඩු කොස් කොටන්න ගෙනාපුවද?

:       0       0

keppetipola Thursday, 02 May 2019 12:20 PM

ඕක කියන්නත් දෙයක්ද?

:       0       0

lanka putha Thursday, 02 May 2019 12:34 PM

1983 ඉදන් මේ රටේ විවිධ තැන්වල බෝම්බ පිපිරුනා. හමුදා කදවුරු සතුරො අත්පත් කර ගත්තා. දාස් ගණන් මිනිස්සු, සොල්දාදුවො මැරුන. ඒ කාලෙ ආණ්ඩු වලට අස් වෙන්න කිව්වද? හැමදේකටම ප්‍රති කලයුත්තක් තියෙනවා. මේ බෝම්බ පිපුරුනෙ නොසැලිකිලිමත් නිසා. ඒ වෙනුවට අද හොද ආරම්බයක් දීලා තියෙනවා හමුදාවෙන්, පොලිසියෙන්. දැන් කිසිම කටයුත්තකට දේශපලකයො අත නොපා වැඩේ කරන්න දෙනවා. මේ තව ක්‍රමවත් විය යුතුයි. මේ විනාසෙ උනේ රටේ පාලකයා ඇස් කන් පියාගෙන හිටපු නිසා. තමන්ගේ දේසපාලන වාසිවලට රටේ වැසියො බිල්ලට දෙන මේ අය ඉල්ලා අස්වෙන්න ඕනෙ. ආණ්ඩුවට ඇගිල්ල දික් කරලා තමන් නිවැවෑරදී කියන මේ අයට කවදාවත් රටේ නායකයා වෙන්න දෙන්න හොද නෑ.

:       0       0

Hafeel Thursday, 02 May 2019 12:43 PM

කව්ද ජාත්‍යන්තරයද කිව්වේ මෙහෙම කරන්නයි කියල?

:       0       0

isurandi Thursday, 02 May 2019 01:18 PM

මේ දවස්වල කාගෙන්වත් බලපෑම් එල්ල නොවන නිසා මේවා ඒ විදිහටම කෙරීගෙන යයි. ඊටපස්සේ හෙමින් හෙමින් අඩුවෙයි අපේ මිනිසුන්ටත් ඉක්මනට අමතක වෙන ලෙඩේ තියෙන නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 98 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1100 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 314 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 161 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 103 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 780 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site