(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවූ ‘දින 10 කදී අදන් 10,000 ක්’ ව්‍යාපෘතියෙන් ඇදන් 16,000 ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට හැකිවූයේ යැයි තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යය පවසයි.
තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ද සෘජු අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් රෝහල්වලට පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13 ක් එක්වූ බවත් බොහෝ රෝහල්වල අලූත්වැඩියා කටයුතු ස`දහා ද තරුණ තරුණියන් යොමු වී ඇති බවත් අමාතයංශය පැවසීය.
’කොවිඞ්’ ආසාදිත රෝගීන්ට නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමට පහසුකම් සැළසීමේ අරමුණින් එම ව්‍යාපෘතිය පසුගිය 7 වැනිදා ආරම්භ කර පසුගිය ඉරිදා අවසන් කළ බවත් ව්‍යාපෘතියෙන් ඉලක්කය ඉක්මවා යමින් නව ඇඳන් 16,000ක් පමණ සකස් කිරීමට හැකියා ලැබුණු බවත් එම අමාතයංශය කියයි.
ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ බවත් රාජ්‍ය ආයතන සහ විවිධ ස්වෙච්ඡුා සංවිධාන පුළුල් දායකත්වයක් ලබාදුන් බවත් අමාත්‍යංශය පවසයි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දින දහයකදී ඇඳන් 16,000ක් රෝහල් පද්ධතියට
sharm warn Monday, 17 May 2021 11:06 AM
අනාගත අගමැති වෙන්න සුදුසුයි කියලා කියවා ගන්නද මේ හදන්නේ? මේවට රැවටෙන හරක් ඉන්නවනේ ඉතින්.. ඇඳන් හදන්නේ, ලෙඩ්ඩුත් හදන නිසා වෙන්න ඇති.
susantha Monday, 17 May 2021 12:54 PM
ඔය ඇඳන් ටික කඩෙන් ගත්තා නම් යන වියදමට වඩා වියදමක් කොහොමින් කොහොම හරි අන්තිමට රජයට බිලක් වැටුණේ නැතිනම් තමයි පුදුමේ.. පවුලේ කැරැට්ටුව අපි නොදන්නවයැ. කොරෝනා අරමුදලේ වියදම් දැක්කාමත් පේනවා කැරැට්ටුව..
bandula Monday, 17 May 2021 01:01 PM
ඇඳවල් විතරක් ප්‍රමාණවත් නැහැ. දොස්තරවරු, හෙදියන්, කාර්ය මණ්ඩල, උපකරණ ඕනෑ නැද්ද?
Veera Monday, 17 May 2021 01:28 PM
බිත්තිවල චිත්‍ර අන්දවපු එකේ දෙවෙනි කොටස වෙන්න ඇති යකඩ ඇඳන් හිස් කර්මාන්ත ශාලාවල සවිකිරීම. ඇඳන් වල ලෙඩ්ඩු දාලා බකන් නිලාගෙන ඉන්නද හිතාගෙන ඉන්නේ? කාර්ය මණ්ඩල සහ අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ දැන් වහලා තියෙන චීනයේ දවස් දහයෙන් හදපු රෝහල්වලින් ගලවල ගෙනත් මේවායේ සවිකරන්න යනවා කියලත් ආරංචියි. වරාය නඟරයේ වැඩකටයුතු නිසා චීන රජය සම්බන්ධයෙන් අපේ රටේ පොදු ජනතාව අතරේ පැතිරී ඇති අප්‍රසාදය අවම කරගන්න හොඳම උපක්‍රමය එය කියලලු උපදේශකයින් කියලා තියෙන්නේ...