IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දුප්පතුන් හඳුනා ගැනීමට සෙන්දිල් තොණ්ඩමන්ගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා රජයට නව ක්‍රමවේදයක් යෝජනා කරයි.

මත්පැන් මිලදී ගැනීමට මත්පැන් අලෙවිසල් (බාර්) වලට පැමිණෙන පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සටහන් කර ගැනීම එම ක්‍රමවේදය බවත් එමඟින් නියම අඩු ආදායම්ලාභීන් කවුරුන්දැයි පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා ලංකාදීපයට පැවැසීය.

කෑම බීම පවා සොයා ගැනීමට අසීරු ආර්ථික වටපිටාවක් පවතින අවස්ථාවක කෙනෙකු මත්පැන් මිලදී ගන්නේ නම් ඔහු අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු ලෙස සැලකිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මත්පැන් යනු ජනතාවගේ අමතර අවශ්‍යතාවයක් බවද ඔහු පැවසුවේය.

මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් බෝතල් හතර පහ ගන්නා පුද්ගලයන් අඩු ආදායම්ලාභීන් ලෙස සැලකිය නොහැකි බවත් එවැනි පුද්ගලයන්ද අද රජයේ විවිධ සහනාධාර ලබා ගන්නා බවත් තොණ්ඩමන් මහතා කීවේය.

මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් නියම අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුනට සහන සැලසීමට හැකිවන බවද සෙන්දිල් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

පවතින ආර්ථික තත්වය හමුවේ රජය ජනතාවට සහනාධාර ලබා දෙන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ බව පැවසූ තොණ්ඩමන් මහතා එම සහනාධාර නියම සහනාධාර ලැබිය යුතු පුද්ගලයන්ට නොලැබුණහොත් එය බරපතළ ගැටලුවක් මෙන්ම අසාධාරණයක් වන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

දුප්පතුන් හඳුනා ගැනීමට සෙන්දිල් තොණ්ඩමන්ගෙන් යෝජනාවක්

pakeer Tuesday, 24 August 2021 03:57 PM

හොඳ අදහසක්... හැබැයි.. ඒ අය අනුන්ගේ අයි.ඩී. වලින් මත්පැන් ගනීවි...

:       1       11

ks Tuesday, 24 August 2021 07:49 PM

ඒක ගොඩක් හොඳ අදහසක්...

:       1       5

Raveendra Tuesday, 24 August 2021 09:22 PM

ඉතාමත්ම හොද මෙන්ම අගය කලයුතු අදහසක්.. මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් සත්‍ය වශයෙන්ම තක්කඩින් ව හදුනා ගැනුමට හැකිවෙනු ඇතැයි විස්වාස කරන්නෙමු.

:       0       0

de silva Tuesday, 24 August 2021 11:45 PM

ඔබලාට පරම්පරා ගණනාවක ඉදන් දුප්පත් මිනිසුන්ගේ නාඩි අල්ලන්න හොඳ ඉවක් තිබෙනවා.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 07:10 AM

බාර්වලට එන අයගේ සමෘද්ධි කපන්න,

:       0       0

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 08:19 AM

තමුන්නැහැලා විස්කි ගහනකොට ඒව මොන පැත්තටද? ඔය බාර් වලින් එන ආදායම රජය ප්‍රතික්ෂේප කරනවද?

:       0       1

Bamunuarachchi Thursday, 26 August 2021 10:56 AM

දුප්පත් අය කියන්නේ දුකට පත් වෙච්ච අයද? සල්ලි නැති අයද? සමහරු සල්ලි නැතත් දුකක් නැතිව ඉන්නවා සමහරු සල්ලි කෝටිගණන් තිබුනත් දුකටපත් වෙලා ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 98 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 64 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 90 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 319 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 480 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 166 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site