IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලූත්ම වාර්තාවේ සඳහන් වේ.

එම මාර්ගය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කොළඹ වරාය ආශ්‍රිතව දුම්රිය මාර්ගයක් පැවතියද නැවකින් සෘජුවම දුම්රිය මාර්ගයට කන්ටේනර් ගොඩ බැස්සවීම සඳහා පහසුකම් වරායේ නොමැතිවීම නිසා එම කටයුත්තට අධික පිරිවැයක් දැරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඇත.

ඒ නිසා මෙම ආදායම අහිමි වන බව පිළිගෙන ඇති එම ප්‍රධානීහු මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා වරාය අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වන බවද ප්‍රකාශ කළහ.

මේ අතර වරාය හා සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනයට අදාල දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්වලින් යුතු බහු බහුමාධ්‍ය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතත් ඇතැම් ව්‍යාපෘති සඳහා අරමුදල් ලැබී නොමැති බව කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ප්‍රවාහනය ක්‍රමානුකූලව වර්ධනයවී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

 



අදහස් (15)

දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා

ravin Tuesday, 19 October 2021 09:20 AM

හෙන්ඩුව අරගෙන. අලියා තාම මග එනවා. රේල් පාර නැතුව කෝච්චිය දුවන්නේ කොහොමද.?

:       1       35

magiyekTuesday, 19 October 2021 04:29 PM

දුෂණයට සහ මුදල් නාස්තිය නැති කර කාර්යක්ෂම ෙස්වයක් සඳහෙ දුම්රිය පුද්ගලිකරණය කළ යුතුයි

:       2       16

SLTuesday, 19 October 2021 06:03 PM

එතකොට උද්ගෝෂණ කරන්න ඉන්නවා ජාතික සේවක සංගමය ලංකා සේවක සංගමය සමාජවාදී සේවක සංගමය. මෙකි නොකී ඔක්කොම සේවක සංගම්. CGR එකේ අතිකාල ඉඳල කරන්නේ හොරට. CGR වැඩමුළුව මේ රටේ තිබ්බ හොඳම වැඩමුළුවක් එක්කෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ. නැහැ

:       0       7

Perera Tuesday, 19 October 2021 10:39 AM

වැඩක් නොකර පඩිය අරන් ගෙදර යන ආණ්ඩුවේ හෙන්චයියෝ ඕවගේ ඉන්න නිසා තමයි ඔහොම වෙන්නේ.

:       3       50

Akila Tuesday, 19 October 2021 10:43 AM

අදායම් එන මාර්ග එකක් වත් හරියට කළමනාකරණය කරගන්නේ නැතිව , ආණ්ඩුවේ ආදයම අඩුවෙලා කියල එක හොයාගන්න මිනිස්සුන්ට බදු වැඩි කර කර ලංකා ව ඉන්න බැරි රටක් කරන්න විතරයි රනිල් ලයි රාජපක්ෂලා යි දන්නේ

:       2       42

පැරකුම් Tuesday, 19 October 2021 11:27 AM

තියන වරාය දියුනු කරන්නෙ නැතුව තව අලුතෙන් වරායවල් හදල හම්බන්තොට දුන්නවගේ කාටහරි දෙමුකො…!

:       26       20

mahesh Tuesday, 19 October 2021 12:09 PM

කරුණාකර දුම්රිය සේවය පෞද්ගලී කරණය කරන්න අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති නොකර ! ශ්‍රී ලන්කන් ගුවන් සේවය , දුම්රිය , ලංගම , කනිජ තෙල් , විදුලි බල යන ආයතන වල පවතින අකාර්යක්ෂමතා සහ හොරකම් නිසා බිලියන ගණනක් මහජන මුදල් නාස්ති වේ. මේ කිසිදු ආයතනයක් නොමිලේ සේවා සපයා නැත .අනෙත් කරණය නම් තරගකාරී පුද්ගලික අංශය ලaබ ලබද්දී මේ ආයතන විශාල ලෙස පාඩු ලැබීමය. අවසානයේ ගුවන් යානයකට, දුම්රියකට ගොඩවී වත් නැති අහිංසකයන් ගේ බදු මුදලින් මේවා නඩත්තු කිරීම කොතරම් අසාදාරන ද?

:       3       68

Hafeel Tuesday, 19 October 2021 12:13 PM

ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, පුද්ගලික ලේකම්, කාර්ය මන්ධලය සේරම දීලත් ආදායම් මාර්ග නැත් නම් වැඩක් නැහැ. අවුරුදු 73ක්ම මේවා නේ කරන්න. සැබේ වෙනසක් අවශ්‍යයි. මේ දෙගොල්ලම ප්‍රතික්ෂේප කලයුතුයි. මාධ්‍යට පමණයි පුළුවන් ජනතාව වෙනස් කරන්න. දැන් ඇති අවුරුදු පහෙන් පහට එකම පන්තිය තමයි බලයට ගේන්නේ.

:       3       22

SL Tuesday, 19 October 2021 06:10 PM

ගේන්න ඉන්න ඉතුරු එක්කෙනාට වී වැඩි මිලට අරගෙන හාල් අඩුවට දෙන්න ඕනේලු සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට රජයේ රස්සා දෙන්න ඕනෙලු, පුද්ගලික විශ්වවිද්‍යාල එපාලු බදු අඩු කරන්න ඕනෙලු, පඩි වැඩි කරන්න ඕනෙලු ලෝකෙත් නැති සමාජවාදේ තියාගෙන, රට ආර්ථිකව දියුණු කරන්න ඕනේ එයාගේ ඉල්ලීම් තමයි උඩ තියෙන්නේ.

:       1       6

kamal Tuesday, 19 October 2021 01:11 PM

ඔය නිසානේ අප්පච්චි මුළු පරම්පරා 50ක් උගස්තියලා දැන් තියෙන්නේ එකට වැඩිය හොඳ වරායක් හදලා දුන්නේ. අපි තමයි හොඳටම කලේ.

:       2       9

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 19 October 2021 03:30 PM

ලංකාව අදමේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හෝතු තමා දේශපාලකයින් සහ රාජ්‍ය පරිපාලකයො.... සාමාන්‍ය රාජ්‍ය සේවකයනුත් ඒකට සෑහෙන්න ප්‍රමාණයක් වග කියන්න ඕන. මමනම් අකමැත්තෙන් උනත් කියන්නෙ ලංකාවට ගොඩ යන්නනම් සෞඛ්‍ය , අධ්‍යපනය වැනි දේවල් හැර අනෙක් හැම දෙයක්ම පෞගලිකකරණය කරන්න ඕන කියල. මට හිතෙන හැටියට ඔය ගොඩක් සංගම්. සංවිධාන ඇතැම් දේවල් පෞගලිකකරණය කරද්දි මහ හයියෙන් කැගහන්නෙ රට බැරි වෙන හින්ද.

:       0       9

Viki Tuesday, 19 October 2021 04:09 PM

වහල් ගති නැතිවුණ දවසක ලංකාව දියුණු වෙයි

:       0       1

banda Tuesday, 19 October 2021 05:13 PM

දුම්රිය කියන්නේ රජයේ අදායම විනාස කරන තවත් එක ආයතනයක්.

:       0       8

Sl Tuesday, 19 October 2021 05:43 PM

සියලුම රාජ්‍ය ආයතන, පාසල්, රෝහල් හැරෙන්න අර්ධ රාජ්යාතන කලයුතුයි. මේකේ ඉන්න ලොක්කෝ ඉන්නේ කොමිස් ගහන්නයි, පඩිය ගන්නයි, ස්ට්‍රයික් කරන්නයි විතරයි, කිසිම කෙනෙකුට වගකීමක් ඇත්තෙත් නැහැ. වගකීම් පැහැර හැරියත් පඩිත් ලැබෙනවා පෙන්ෂනුත් ලැබෙනවා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල හරි ,ණය වෙලා හරි මේ මිනිස්සුන්ට පඩි දෙන එකේ රටට පාඩුවක් මිස වාසියක් නැහැ.

:       0       8

Demuni Uduwara Wednesday, 20 October 2021 03:55 AM

වග කිව යුතු පුද්ගලයෙක් නැත; විගණනය නොකළ; ඇමති ගැන දැනුමක් නොමැතිකම; සමීප අධීක්‍ෂණය නැත; පසු විපරම් ක්‍රියාවක් නොමැත. රටේ ව්‍යසනයට ප්‍රධාන සාධක ඒවා ය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 619 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 150 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 169 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 366 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 656 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 280 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site