IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කරන්න අවසර ඉල්ලයි

(යොහාන් භාසුර)

දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීමේ ඉල්ලීම ලබන සිකුරාදා පැවැත්වෙන ‘කොවිඩ්’ මර්දන කමිටුවට යොමු කරන බවත් ඒ සඳහා අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය.

ප්‍රවේශපත් නිකුත් කිරීමේ ඉල්ලීමට අමතරව පළාත් අතර දුම්රිය ධාවනය සඳහා අනුමැතිය ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව කී ධම්මික ජයසුන්දර මහතා ප්‍රවේශපත් නිකුත් නොකර දුම්රිය ධාවනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් බව ද සඳහන් කළේය.

වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීමේ තීරණය සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන කමිටුවේ තීරණයක් බවත් එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද එම කමිටුවට පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.



අදහස් (1)

දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කරන්න අවසර ඉල්ලයි

ඉන්දික Wednesday, 27 October 2021 09:26 PM

ආපහු ලෙඩ්ඩු වැඩි වෙන ප්‍රවනතාවක් තියෙන්නේ රටේ..දුම්රිය කෙසේ වෙතත් හැම තැනම සෙනග...පාසල් පටන් ගන්න නිසා ළමයින්ට ඇදුම් ගන්න කඩවල් වල සෙනග,රෙදි කඩ ආපහු පිරිලා,පිට්ටනි වල සෙල්ලම් කරන පිරිස වැඩි,මුහුදු වෙරළේ දැක්කනෙ පහුගිය දවස් ටික..තවත් රැල්ලක් ෂුවර් තමා මෙහෙම ගියොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 35 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 35 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 62 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 241 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 400 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 143 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site