IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


දුම්රිය යකඩ කිලෝ ලක්ෂ 30 විකිණීමට යළි ටෙන්ඩර් කැඳවන්න නියෝග

(යොහාන් භාසුර)

රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට සූදානම් වන්නේ යැයි චෝදනා එල්ල වූ දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක තොගය විකිණීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස ලිඛිතව දැනුම් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා  පැවැසීය.

මෙම යකඩ   විකිණීමේ ගනුදෙනුව රජයට වාසිදායක වන ආකාරයට කළ යුතු බවත් කී මොන්ටි රණතුංග මහතා එම කාර්ය විනිවිදභාවයෙන් යුතුව නැවත ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මුල සිට ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් දැනුම් දුන් බව සඳහන් කළේය.

මෙම යකඩ තොගය වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු මිලකට විකිණීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ  සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට  දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම්දී තිබුණි.

 

මෙම යකඩ තොගය සම්බන්ධ ටෙන්ඩර් දෙකක්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට දුම්රිය දෙපාර්තමේන්තුවට අලාභයක් වන ආකාරයට බලධාරීන් පිරිසක්  උත්සහ දරන බවත් මෙම ටෙන්ඩර් විනිවිදභාවයෙන් තොර වීම හේතුවෙන් අත්හිටුවා නැවත ටෙන්ඩර් කැඳවීමට හිටපු ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ  පියවර ගෙන තිබියදී ඇමතිවරයා මාරු කිරීමෙන් පසු  එම උත්සහය  නැවත ක්‍රියාත්මක  කර ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළේය.

 

මීට මාස 6  කට පමණ පෙර යකඩ කිලෝවකට රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත් කළ ඉල්ලුම්කරුවෙකුට ලබානොදී රුපියල් 45 ක අඩු ලංසුවක් ඉදිරිපත් කළ ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන සමාගමකට යකඩ තොගය ලබා දීමට උත්සාහ කරන බවත්  කිලෝවක් රුපියල් 65 ක  මිලක් යටතේ ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 19 කට අධික මුදලක් ලැබීමට නියමිතව තිබූ බවත් එම ටෙන්ඩරයම රුපියල් 45 බැගින් ලබා දීමෙන් රුපියල් කෝටි 13 කට අධික මුදල් ප්‍රමාණයක් පමණක් ලැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 6  ක පමණ පාඩුවක් වන බවට වෘත්තීය සමිති පෙන්වාදී තිබුණි.

 වර්තමාන වෙළඳපොලේ  අබිලි යකඩ කිලෝවක මිල රුපියල් සියයට අධික බවත් ඒ හේතුවෙන් නැවත ටෙන්ඩර් කැඳවා නිසි ක්‍රියාපටිපාටියකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොවන ආකාරයට මෙම යකඩ තොගය අලෙවි කළ යුතු බවත් වෘත්තීය සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

දුම්රිය වෘත්තීය සමිති මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට ද ලිඛිතව දැනුම් දී තිබූ අතර ලේකම්වරයා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ



අදහස් (2)

දුම්රිය යකඩ කිලෝ ලක්ෂ 30 විකිණීමට යළි ටෙන්ඩර් කැඳවන්න නියෝග

ලමය Friday, 24 September 2021 02:17 PM

ආ කට්ටිය දැන් ඉල්ලනන

:       0       3

පැරකුම් Friday, 24 September 2021 02:36 PM

වංචාකිරීමට කටයුතුකල නිලධාරීන්ට දඞුවමක් නැද්ද…?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 39 0

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 166 0

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ


නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 750 1

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 221 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 701 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 1008 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site