IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දුම්රිය සේවකයෝ උද්ඝෝෂණයක

 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ  1535 ක් තමන්ව රාජකාරියෙහි ස්ථිර කරන ලෙස ඉල්ලා  අද (10)  උද්ඝෝෂණයක නිරතවුහ.

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් විරෝධතාකරුවෝ ගමන් කළහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (6)

දුම්රිය සේවකයෝ උද්ඝෝෂණයක

saratj Wednesday, 10 April 2019 10:03 AM

ඔය උනන්දුව වැඩ කරන්නත් තිබුණ නම්. බහුතරයක් ඡන්දෙ කාලෙට ඇමතිලා පස්සේ ගිහින් රස්සාවට ඇවිත් බුරුව ගහනවා . හිතන් ඉන්නේ පඩිය ප්‍රින්ට් වෙලා ඉබේම වැටෙනවා කියල. පඩි ගෙවන්න බදු වලින් ය , ඒ කට හරියන්න වැඩ කරන්න ඕනය. කියල හිතෙන්නෙම නැතිද ?? දුම්රිය පාඩු ලබන්නේ මේවගේ අතිරික්ත පන්දම් අල්ලලා ඇතුලට ආපු අය හින්ද. දේශපාලකයොත් ඡන්දෙ ගන්න තියෙන නිසා මෙයාලව බේරනවා ..

:       8       103

prabha Wednesday, 10 April 2019 11:06 AM

උත්සව කාලේ ළංවෙනකොට මහජනතාව ඇපයට තබාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලන එක දැන් ලංකාවේ ප්‍රවාහන සේවයේ මෝස්තරයක් වෙලා...

:       5       35

susantha Thursday, 11 April 2019 06:53 AM

අම්මෝ වැඩ කරලා ගොඩක් මහන්සි ඇති මෙයාලට.

:       0       1

hasantha Thursday, 11 April 2019 04:23 PM

විකිපීඩියා එකට අනුව ලංකාවටම දුම්රිය තියෙන්නේ 15යි. මෙතනම එක දුම්රියක් සහ අදාළ යටිතල පහසුකම් නඩත්තුවට සේවකයෝ 100 ගානේ ඉන්නවා. තව ස්ථීර සේවයේ ඉන්න කට්ටියත් බැලුවම මේ දෙපාර්තුමේන්තු පාඩු ලබන එකේ පුදුමයක් නෑ. ඒ බරත් ජනතාවට.

:       0       3

Sathya Friday, 12 April 2019 06:59 AM

මේකත් අර ඔටුවගේ කතාව වගේ තමයි. එනකොට එන්නේ වැඳගෙන, ටික දවසක් ඉන්නකොට මතක් වෙන්නේ ඉතිරි ටික. ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ ගන්නවා වෙනුවට ඉන්න සේවකයන්ගෙන් කාර්යක්ෂම සේවයක් ලබාගන්න. විශේෂයෙන් දුම්රිය, විදුලිය,ඛනිජ තෙල් වගේ ආයතනවල මේ යටි මගඩි කරනවා. සුදුස්සාට තැන නොදී, පියපුතු පදනම කියාවි, තාවකාලික කියාවි, වෙන මොකක්හරි බොරු හේතුවක් හදාගෙන ලාභ ලබන්න පුළුවන් ආයතන කාබාසිනියා කරලා දානවා. රටේ මිනිස්සු ගැන කිඹුල් කඳුළු හෙලන පක්ෂේත් මේවට හවුල්, වෘත්තිය සමිති අටවාගෙන මේ මිනිස්සු අවුස්සනවා. ආණ්ඩුවට ප්‍රශ්න වැඩි කරන්න. අන්තිමට කොහොමහරි පොඩි මිනිහ හුරගෙන කාලා සුදු අලියෝ වගේ සේවක රොත්තක් නඩත්තු කරනවා.

:       0       2

hesa Friday, 12 April 2019 10:30 AM

රැකියාව දෙන කොටම ගිවිසුමක් ගහන්න ඕනේ වර්ජන, ඉල්ලීම තහනම්ය. දෙනකම් ඉන්නය... එහෙම බැරිකෙනෙක් ඉන්නවා නම් අදම ගෙදර යන්න කියලා...හාහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6176 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7634 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18266 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1248 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9431 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 583 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site