(සුජිත් හේවාජුලිගේ)
සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන අය කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
එවැනි කොවිඩ් මරණ කීපයක්ම පසුගිය දිනවල වාර්තාවූ බවද හෙතෙම සඳහන් කළේය.
දුම් පානය හේතුවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය දුර්වලවන බවත් කොවිඩ් වැළඳීමෙන් එවැනි අයට කොවිඩ් නිව්මෝනියා තත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
දුම් බොන්නන් ළඟ සිටීම නිසා බොහෝ දෙනා නිතැත් දුම් පානයට (passive smorking) ගොදුරුවන බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඒ ආකාරයට දුම් ශරීරගතවීමද අවදානම් සහගත බව සඳහන් කළේය.
දුම් පානය කරන අය ළඟ සිටින දරුවන්ටද මේ ආකාරයට සිගරට් විෂ දුම ශරීරගත විය හැකි බවත් එවැනි නිතැත් දුම්පානයට ගොදුරුවන දරුවන්ට කොවිඩ් වැළඳුනහොත් ඔවුනට බරපතළ සංකූලතා මතුවී මරණය පවා සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දුම්වැටිය කොවිඩ් මරණවලට ප්‍රධාන හේතුවක්
Sriland Thursday, 26 August 2021 04:04 PM
දුම්වැටි සහ මත් වතුර හදුන්වා දුන්නේ සුද්දෝ
අප්පුවා Thursday, 26 August 2021 05:51 PM
ඒක දැනගෙන සිටි නිසා තමා සිරිසේන ජනාධිපතිතුමා දුම්වැටි දුර්වල කිරීමට රාජිත ඇමතිතුමන් සමග කටයුතු කලේ.