( සිතුම් චතුරංග)
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා , වන්නි දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතාට කළ අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දක්වමින් ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
එම ප්‍රකාශය සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ රුවට සමාන අනුරුවක් සකසා විරෝධතාකරුවෝ පාවහන්වලින් පහරදී, ගිනි තැබීම සිදුකළහ.
විවාදයක් අතරතුරදී කුලසිංගම් දිලීපන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නම ප්‍රකාශ කිරීමේදී සිදුවූ අතපසුවීමක් එම මන්ත්‍රීවරයාට සිතාමතා අපහාසයක් කළ බවට චෝදනාකරමින් ශීදරන් මන්ත්‍රීවරයා දිලීපන් මන්ත්‍රීවරයාට බැණ අපහාස කොට ඇති බවද විරෝධතාකරුවෝ කීහ.
විරෝධතාකරුවන් පැවසූවේ රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන රජයට පක්ෂපාති තිලීපන් මහතා සම්බන්ධයෙන් ශ්‍රීධරන් මහතා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයට වන්නි දෙමළ ජනතාවට සිදුකළ අපහාසයක් බවත්ය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට වවුනියාව පැරණි බස් නැවතුම්පොළ දක්වා විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ගය අවහිරකරමින් විරෝධතා පෙළපාලියකද නිරතවූහ.
.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්