(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) කොළඹ දී පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව හෙතෙම කීය.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.
කලාපයේ සාමය සහ සුබසාධනය ප්‍රවර්ධනය කරන අතරවාරයේදී ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී සිටින බව ද හෙතෙම එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී කීය.
වාර්ගික සහජීවන දිරිගන්වන සියලු පාර්ශව ඇතුළත් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා/ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වන ඉන්දියාවේ සහාය දීර්ඝකාලීන බවත් ඔහු කීය.
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය සහ අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි ද හෙතෙම කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය සමානව අදාළ වන බව ඔහු පැවැසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සෞභාග්‍ය උසස් වනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් ද
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දෙමළ ජනයා ගැන හිතීම ශ්‍රී ලංකාවේ යහපතට හොඳයි
ටින්ටින් Wednesday, 06 January 2021 09:48 AM
අනේ මේ ජයශංකර්, ලංකාවේ සෞභාග්‍යය ගැන කරදර වෙන්න ඉස්සර වෙලා ඉන්දියාවේ මිනිස්සුන්ට කක්කුස්සි ටිකක් හදලා දෙනවා පව් නොදී !!!
RaveendraWednesday, 06 January 2021 10:34 AM
සහතික ඇත්ත. අනුන්ගේ ශරීරවලින් පිටකරන වසුරු ගොඩවල්වල ඇසට නොපෙනෙන්නේ කොකුපණු බිත්තර ගණන ගැන හිතනවාට වඩා තමුන්ගේ ශරීරයෙන් පිටකරන වසුරු ගොඩේ තිබෙන "කාශ්මීර් පොලොන් පැටව් ටික, මාඕ වාදී කොකුපනුවෝ ගණන ගනන් ගත්තොත් හොඳ නැද්ද ශංකර් ගොයියෝ..?
sena Wednesday, 06 January 2021 10:38 AM
ටිකක් තදබල අවවාදයක් වගේ..
දිමුත්Wednesday, 06 January 2021 11:32 AM
අපි බය නැහැ. සර් ඉන්නවනේ....
නුවන් Thursday, 07 January 2021 10:29 AM
එකල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ ජේ.ආර් ජයවර්ධන උතුමාණන් විසිනි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද්දක් නොවේ. මේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා එහි දිගුවකි. ඔබ සැමගේ අවධානය පිණිසයි...
Qatar sita Wednesday, 06 January 2021 10:57 AM
විදේශ සම්බන්ධතා ගොඩ නගන මුවාවෙන් හීන් ටොක්කකුත් ඇන්නා නේද අපේ ගොයියන්ට...?
Prasad Wednesday, 06 January 2021 11:04 AM
කෝ සර්... වටේ ඉන්නේ කටු කන රැළක්නේ...
සෙනෙවිWednesday, 06 January 2021 02:45 PM
වීරවංශ, ගම්මන්පිල , කෝ මේ දෙන්නා...?
RangaThursday, 07 January 2021 04:19 AM
ඒ දෙන්නා දැන් මහණ වෙලානේ ආපහු...!!!
duminda Wednesday, 06 January 2021 04:57 PM
කෝ මේ කලු කොඩි විමලේ...
විජිත් Wednesday, 06 January 2021 06:30 PM
මේ කල්ලතෝනියා අපේ රටටම ඇවිල්ලා මාර සයිස් පෙන්වනවනේ.... කෝ මේ අපේ රටේ ඉන්න චන්ඩි දේශපාලු ගෝතයෝ..? මම මේ රටේ ජනාධිපති නම් මම මිනිහට කියනවා " රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කතාකරන්න ඔයාට අයිතියක් නැහැ. කතාකරනවා නම් අපිටත් පුළුවන් තමුන්ලාගේ රටේම මිනිස්සුන්ට කරන අසාධාරණකම් කියන්න. එ්ත් අපි තමුන්ට වඩා ශිලාචරයි .." කියලා.
ලුම්බිණි Wednesday, 06 January 2021 11:59 PM
හොඳ කතාවක්.
Ravi77 Thursday, 07 January 2021 03:33 AM
දැන් ඉතින් හොඳට ලුණු ඇඹුල් ඇතිව අහගත්තනේ... දැන් මෙයාව එක්කගෙන ගිහින් ගුවන් තොටුපළෙන් බස්සන්න.
දුටුගැමුණු Thursday, 07 January 2021 06:22 AM
ඔව් ඔව් ඔයාලා දෙමළ උතුමන්ට හොඳටම සලකපු නිසානේ අපේ පිරබාහරන් වීරයා බන්දේසියක තියලා ලෝකයේ වටිනාම "කේක් ගෙඩිය" රජීව් අන්කල්ට යැව්වේ!
කනිෂ්ක Thursday, 07 January 2021 10:37 AM
රටේ අභ්‍යන්තර කරුනු ගැන ඉන්දියාවට අත පෙවීමට ඉඩ සලසා දුන්නේ ඉන්දු ලංකා ගිවිසුම මගිනි. එය මහා පාවාදීමකි. එය සිදුවූයේ ජයවර්ධන යුගයේදීය. ගිවිසුම එක් පාර්ශව කරුවෙක් වන්නේ ඉන්දියාවය. මේ කරුණු බොහෝ අයට අමතක වී ඇති බව පෙනේ...