IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


දෙමළ ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහාය ගන්න සැරසෙයි

(තිළිණි ද සිල්වා)

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වලට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය දෙමළ සංසදය, වි.රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුව මෙලෙස ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වූ පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට විරෝධය දැක්වීම සඳහා දෙමළ ගෝලීය සංසදය හා දෙමළ සංක‍්‍රාන්ති ආණ්ඩුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඉකුත්දා එරට පාර්ලිමේන්තු කමිටු කාමර 10 දී බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සොයිබන් මැක්ඩොනාහ් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම සාකච්ඡාවට ගෝලීය දෙමළ සංසදයේ එස්.යෝගලිංගම් , දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන අම්බානි සීවරත්නම් ද සහභාගි වී ඇති අතර දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අගමැති යැයි පවසන වී. රුද්‍රකුමරන් ස්කයිප් වීඩියෝ තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වී ඇතැයි පැවසේ.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් පොරොන්දු මේවන විට ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයා සමඟ දීර්ඝ සකච්ඡා පවත්වා ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.



අදහස් (5)

දෙමළ ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහාය ගන්න සැරසෙයි

Chandima Tuesday, 01 January 2019 01:38 PM

දෙන්න කියන්න සහය..., එදාට අපිත් බ්‍රිතාන්‍ය තානාපතිගේ කාරෙකේ හුළං අරිමු ආයෙත්...

:       1       0

Dayal Tuesday, 01 January 2019 02:04 PM

සහය යන්න දෙයක් නැහැ. පාර්ලිමන්ට් එකේ සහය දැනටමත් දීලා ඉවරයි. සිංහල කෙනෙක් හැටියට හිනිහා ඔය ගැන කිසිම සද්දයක් නැහැ.

:       1       0

menna Tuesday, 01 January 2019 02:22 PM

ලංකාව පාලනය වෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ද? brexit එකෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට පොඩි පොඩි ගැටළු ඇවිල්ලා තියෙන්නේ. අායෙත් දෙමල කට්ටිය ඉස්සරහට දාල ලංකාව බිල්ලට ගන්නද හදන්නේ? බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකා හදන documentary එකත් එක පැත්තකට බර කිසිම සමබරතාවයක් නැති වැඩසටහන්... බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවයි, දෙමළ ඩයස්පෝරාවයි හරියට නිකන් එකසත් ජාතික පක්ෂයයි, ටී.එන්.ඒ. එකයි වගේ. 19 වෙනි සියවසේ ඉඳන් ලංකාව පාලනය කරන්න දෙමළ ජනතාවට ලබාදෙන්න බැරි බොරු පොරොන්දු දීලා, දැන් ඒක ලංකාවේ මුළු ජනතාවම දන්නා රහසක් වෙලා.

:       0       0

Bamunuarachchi Tuesday, 01 January 2019 04:02 PM

අපේ ලොක්ක දැනටමත් සහයෝගය දීලා තිබෙන්නේ.

:       0       70

Amila Tuesday, 01 January 2019 08:32 PM

ඔය එක දෙයක් වත් වෙන්නේ නෑ. බටහිර රටවල් වල සරනාගතයෝ කියාගෙන ගියපු පිරිස් ඉන්නවා. ඔවුන් කාලෙන් කාලෙට ඔය එක එක වැඩසටහන් කරනවා සරනාගත කම නැති වෙලා ආයෙත් යන්න වෙයි කියලා තියෙන බයට.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 78 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 806 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 767 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 218 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 862 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site