IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘දියවන්නාවේ වතුරට මොකද වුණේ‘‘

(ඩයනා උදයංගනී)

දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දියවන්නාවේ ජලය මින් පෙර මෙලෙස අවපැහැගැන්වීමක් වී නොමැති නිසා මේ සම්බන්ධව තමන් විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි ජලය අපිරිඳුවීමට හේතුව විපක්ෂ මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ පරිදි මිනිස් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක්ද එසේත් නැතිනම් කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බව අමාත්‍යවරයා කියයි.

දින කිහිපයක සිට පවතින මෙම ජලය අවර්ණවීම දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙන බැවින් ජලය දූෂණය වීමක් සිදු වී ඇත්ද යන්න මෙන්ම ඉන් දියවන්නාවේ වෙසෙන ජලජ සතුන්ට හානිකර තත්ත්වයක් මතුවිය හැකි ද යන්නත් සොයා බලන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වාර්තාව කඩිනමින් තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

 



අදහස් (5)

‘‘දියවන්නාවේ වතුරට මොකද වුණේ‘‘

විජිත් Sunday, 11 April 2021 11:10 AM

විශේෂ දෙයක් වෙලා නැහැ. රටේ මිනිස්සුන්ගේ ලේ බොන, රට චීන්නුන්ට විකුණන් කන, කැළෑ කපමින් පරිසරය වනසන ... දියවන්නාවේ ඌරු කොටුවේ සිටින ඌරන් 225ට කෑමට අසුචි බවුසර් 3 ක් එකතු කරලා පමණයි. මට තිබෙන ප්‍රශ්නය... ඇයි මේ බවුසර් 3ක් ගැන නොසොයන්නේ? cctv වලින් පහසුවෙන්ම අංකයන් සොයාගත හැකිනේ... අනිවාර්යයෙන්ම මේකත් අර අනුරාධපුරයේ කපුච්චියගේ වැඩක්... මේක "කෙමක්" කරලා බලන්න... රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා.." කියලා මිථ්‍යා දෘෂ්ටික, මැදමුලන හොර රැලට කියන්න ඇති.

:       0       1

අනුර පැස්කුවල්, කළුතර Sunday, 11 April 2021 01:00 PM

මෙහෙම ලොජික්. මළ අපද්‍රව්‍ය තමයි ඇල්ගී වර්ධනයට එක හේතුවක් වෙන්නේ.

:       0       0

Keppetipola Monday, 12 April 2021 03:22 AM

දියවන්නාවේ කවුන්සලයේ ඉන්න දූෂිත හැතිකරය රට විනාශ කරල කාපු ජරාව තමයි දියවන්නා ඔයෙන් මතු වෙන්නෙ. රටේ සල්ලි වියදම් නොකර කවුන්සිලයේ දූෂිතයන්ටම කියල දියවන්නා ඔයේ ජරාව සුද්ධ කරන්න​.

:       0       3

මෝ Monday, 12 April 2021 08:39 AM

තමන් ඉන්න තැන වෙන්නෙ මොකද්ද කියලා සුමාන ගානක් ගිහිනුත් තවම හොයාගන්න බෑ. ඉතිං රටේ වෙන පරිසර දූෂනේ ගැන,කවර කතාද?

:       0       3

pakeer Monday, 12 April 2021 09:35 AM

දියවන්නාවේ කවුන්සලයේ ඉන්න අය මලපහ කරන්නේ ඔයට වෙන්න ඇති ...එයාලාට ලැජ්ජාවක් බයක් නෑ නේ....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 62 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 124 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 110 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 231 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 110 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 893 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 91 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site