දිනේෂ් උපේන්ද්‍ර
පාසලේදී වයස 17ක සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (26) නියම කළාය.
කුලියාපිටිය නගරය ආසන්නව පිහිටි ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ලෙස සේවය කළ අයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොලිසිය එහිදී කරුණු දක්වමින් අධිකරණයට පැවසුවේ අවස්ථා කිහිපයකදීම වාචිකවත් කායිකවත් විදුහල්පතිවරයා විසින් දැරිය අතවරයට ලක්කළ බව විමර්ශනයේ දී හෙළිවූ බවයි.
සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් කරුණු කී නීතිඥයින් කියාසිටියේ මෙය විදුහල්පතිකම ලබාගන්නට කැසකවමින් සිටින ගුරුවරියක් විසින් සංවිධානාත්මකව සිදුකරන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵල බවයි.
සැකකාර විදුහල්පතිවරයා පාසලට පැමිණි වසර එක හමාරක් වැනි කාලයකදී සාමාන්‍ය පෙල ප‍්‍රතිපළ 60% දක්වා වර්ධනය කර පෙන්වා ඇති අතර සමස්ත ප‍්‍රතිඵලය 40% කින් වර්ධනය කරඇති බවද නීතිඥයින් අධිකරණයට කරුණු දැක්විය.
සිද්ධිය වූ දිනය හා පැමිණිල්ල කළ දිනය අතර ඇති කාල පරාසයද සැකයට තුඩුදෙන බව පැවසූ නීතිඥයින් සැකකාර විදුහල්පතිවරයාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දැරියට බලහත්කාරකම් කළ විදුහල්පතිවරයා රිමාන්ඩ්
Gunasiri Tuesday, 26 February 2019 03:18 PM
විදුහල්පතිවරුන් දරුවන් අපයෝජනය කරද්දී, සමහර ගුරුවරු, ගුරුවරියන් දරුවන්ට අමානුෂික කායික සහ මානසික දඬුවම් පමුණුවති. සමහරු මෙවැනි දඬුවම් ගුරුවරුන් සතු අයිතියක් සලකති. තමන්ගේ දරුවා රෝගියෙක් වුනදාට තමයි තේරෙන්නේ.
Hafeel Tuesday, 26 February 2019 04:24 PM
කොහොමද අපේ නීතිඥයින්? මොන ගැහැණු ළමයක් හෝ සිසුවියක් ස්වෙච්චාවෙන් බොරුවට ඉදිරිපත් වෙනවද තමන් ලිංගික අපයෝජනයට ලක්වුණා කියලා? මේ වගේ නීතිඥයින් ඉන්නකල්, මේ රට හදන්න පුලුවන්ද?