(අජිත්ලාල් ශාන්තඋදය)
විශාල ප‍්‍රමාණයෙන් යුතු, දුර්ලභ, ඇට්ලස් මෝත් නම් වර්ගයේ සලබයෙකු රත්නපුර, බටුගෙදර සිය නිවසේ දොරෙහි වසා සිටියදී හමු වූ බව පරිසරවේදියෙකු වන අසිත ඉන්දික වීරවර්ධන මහතා අද(24) පැවසීය.
මෙම සලබයා ලංකාවේ වාසය කරන නමුත් සබරගමුවේ දි නිරීක්‍ෂණය වූ මුල් අවස්ථාව මෙය බවද, වියළි නිවර්තන වනාන්තර වාසය භූමිය කරගත් මෙම සලබයින් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිටින බවද ඒ මහතා කීය.
අසිත ඉන්දික මහතාගේ නිවසේ සිටි සලබයා දිගින් සෙන්ටි මීටර් 22කි. තටුවල උස සෙන්ටිමීටර් 10කි. සලබ දේහය සෙන්ටි මීටර් 1.5කි. ඒ මහතාගේ නිවස ආසන්නයේ අංගම්මන රජයේ රක්‍ෂිතය පිහිටා ඇති බැවින් එහි සිට පියාඹා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි.
මෙම සලබයා දැක බලාගැනීමට රත්නපුර අතිරේක සහ සහකාර දිසාපතිවරුද, රත්නපුර ප‍්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, පරිසරවේදීහු, සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
මේ සම්බන්‍ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටඑ දැනුම්දී ඇති අතර, එම සලබයා අංගම්මන රක්‍ෂිතයට මුදාහැරීමට නියමිතව ඇත.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දුර්ලභ සලබයෙක් රත්නපුරේ නිවසකට ඇවිත්
Indunil Wednesday, 24 July 2019 11:31 AM
ඒ තරම් දුර්ලභ නොවන සලබයෙක්... ඒ මහතා සබරගමුවේදී දැකපු පළමු වතාව වුණත් වෙනත් අයට සබරගමුවේදී මීට කලින් මේ වර්ගය දකින්න ලැබිලා තියෙනවා. මගේත් ගම රත්නපුර. ඒ කියන්නේ සබරගමුවේ... මේ සලබයා කීපවරක් අපේ ගෙදරදී සහ වෙනත් තැන්වල දැකලා තියෙනවා. කොටින්ම ස්වභාවික පරිසරයේදී ආපදාවට ලක් වෙලා හිටපු මේ වර්ගයේ දලඹුවෙක් බෝතලයක ඇති කරලා සුහුඹුල් සලබයා පසුව පරිසරයට මුදා හැරලත් තියෙනවා මම... මේ ටික කිව්වේ වැරදි තොරතුරු නිසා කියවන අය නොමග යන්න පුළුවන් නිසායි...
thushara Wednesday, 24 July 2019 12:14 PM
මේ සමනලයට සිරිකොත දොරේ එල්ලෙන්න තිබුනේ... එ්කේ ඇතුලේ විවිධාකාර සමනල්ලු ඉන්නවා..
විජිත් Wednesday, 24 July 2019 05:37 PM
තුෂාර, මේ සමනලයා අහිංසක ස්වභාවික සතෙක්.. සිරිකොත ඉන්න සමනල්ලු වෙනස් සත්ව කොට්ටාශයක්. උන් මහා විනාශකාරී, අස්වාභාවික, ස්වභාවික පරිසරයට, මිනිසාට පමණක් නොව රටටම විනාශය ගෙන දෙන රටෙන් තුරන් කළයුතු සමනලුන් විශේෂයක්... මේ අහිංසකයා සිරිකොතේ දොරේ එල්ලුනොත්... අර නරුමයින් මේකාවත් නරක් කරනවා ෂුවර්....
athuraThursday, 25 July 2019 04:04 AM
සිරිකොතේ විතරද සමනල්ලු ඉන්නේ...? තව පක්ෂයක පෙනී ඉන්න නායකයත් සමනලයෙක් කියලා දන්නෝ දනිති...
samantha Wednesday, 24 July 2019 12:50 PM
කොහොමත් මේ කාලේ සමනල්ලු එනවා ගෙවල් වලට... ඡන්දෙ ළඟයිනේ...
Ratne Wednesday, 24 July 2019 06:08 PM
මෙවැනිම හැඩය සහ ප්‍රමාණය සමාන සලබයකු මීට මාස 02කට පමණ ඉහතදී පල්ලේබැද්ද ප්‍රදේශයේදී ද දක්නට ලබුණා. මෙම සතුන් තරමක් දුර්ලභ නමුත් ඉතා දුර්ලභ නොවන බව පැහැදිලියි.
Dasa Wednesday, 24 July 2019 09:02 PM
සමනල්ලු ගැන වැඩිපුර විස්තර අවශ්‍ය අය වෙතොත් ගරු ජනාධිපතිතුමාගෙන් හෝ පොහොට්ටුවෙන් අසා දැනගන්න.
jayath Thursday, 25 July 2019 03:30 AM
මේ කාලේ සාමාන්‍යයෙන් වෙන්නේ, ඡන්දෙ ළඟ හින්දා, රත්නපුරේ ඉන්න අමුතු සත්තු රට වටේ යන එකයි...
Indumini Friday, 26 March 2021 07:37 AM
ඇටිලස් සලබයා සබරගමුවේ දුලබ නැහැ. 90 ගණන්වලත් දැක තිබෙනවා ඇහැළියගොඩ ප්‍රදේශයේ. මීට සතියකට පෙර බිත්තර දමනවාත් දුටුවා.
GihanTuesday, 31 August 2021 10:14 PM
මම ඇහැලියගොඩ... අද අපේ ගෙදර හිටියා මේ ජාතියේ සලබයෙක්...
හර්ෂනී ගාල්ලගේ Friday, 03 January 2025 04:02 PM
හෝමාගම, යකහලුව ප්‍රදේශයේ තිබෙන අපේ නිවස පිහිටි වත්තට, මෙවැනිම සලබයකු පැමිණියා. කුරුල්ලන් විසින් දිවා කාලයේදි, සලබයාව ගොදුරු කර ගැනිමට කොටමින් සිටි අවස්ථාවේදී අප විසින් සලබයා බේරා ගෙන රාත්‍රී කාලයේදී මුදා හැරියා.... 2025.01.03