(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දරුවකුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය, ලේ බැංකුව බාර වෛද්‍යවරයා සහ වාට්ටු අංක 1 බාර වෛද්‍යවරයා සහ දරුවාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මඩකලපුව පොලීසියට නියෝග කරනු ලැබිය.
මඩකලපුව වන්දාරමුල්ල ප්‍රදේශයේ දරුවෙක් මඩකලපුව මහා රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදි හදිසියේ මියගොස් ඇත. පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම දරුවාට ලබාදුන් රැධිර සාම්පල්වල වැරැද්දක් නිසා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව මඩකලපුව පොලිසිය මගින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට මඩකලපුව මහා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පමණක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම කරුණු සැළකිල්ලට ගත් මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මෙම සිද්ධියට හෙදියන් දෙදෙනා පමණක් ඉදිරිපත් කිරිමෙන් සෑහිමකට පත් නොවන අතර ඉහත සදහන් සියලුම වෛදවරුන් අත්අඩංගුවට ගෙනහෙට (24) බදාදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
ලේ බැංකුව බාර වෛද්‍යවරයා, දරුවා ප්‍රතිකාර ගත් වාට්ටුවේ වෛද්‍යවරයා සහ වාට්ටුව බාර වෛද්‍යවරයා සහ මඩකලපුව මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරිය එලෙස ඉදිරිපත් කරන ලෙසට නියෝගය දී තිබේ.
මෙම දරුවා මව පියා සමඟ මඩකලපුව වන්දාරමුල්ල ගම්මානයේ ජීවත් වී තිබේ. 2019 මාර්තු 1 දා මියගිය දරුවාගේ පියා විසින් එළවලු විකිණීම සඳහා ලොරියක් කුලියට ගෙන ඇති අතර එම ලොරියට නැගීමට ගිය මියගිය දරුවා වන විදුලක්ෂන් ලොරියෙන් වැටී හිස තුවාල වී චෙංකල්අඩි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහා රෝහලට යවා තිබේ.
එහිදී දරුවාට මුලික ප්‍රතිකාර ලබාදී පසුව දැඩි සත්කාර ඒකකයේ දින හතක් රඳවාගෙන ප්‍රතිකාර කර පසුව 36 වාට්ටුවට දරුවා මාරු කර යවා තිබේ. එහිදී දින 6 ක් ප්‍රතිකාර ලබාදී පසුව නැවතත් දැඩි සත්කාර ඒකකයේ දින 6 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මිය ගොස් තිබේ.
මෙම දරුවාගේ මරණයට හේතුව වී ඇත්තේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ දී දරුවාට වැරදි ලේ වර්ගයක් දීමෙන් බව දරුවාගේ මව වන වී.සෙල්වරාණි මහත්මිය පැවසුවාය.
මඩකලපුව මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍ය විශේෂඥ ආර්.පී.ජයසුරිය මහතා විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ වාර්තාවේ ද මේ බව පැහැදිලිව සටහන් කර තිබෙන බව ද ඇය සඳහන් කළාය.
මේ පිළිබඳව මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක කලා රංජනී මහත්මියගෙන් කළ විමසිමකදී ඇය පැවසුවේ මේ පිළිබඳව තමන්ට කිසිවක් පැවසීමට නොහැකි බවයි. මේ පිළිබඳ තොරතුරු ලබාදීමට නම් සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය බවද කීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දරුවකු මියයාමේ සිද්ධියකට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැන්නැයි නියෝග
Prabha Tuesday, 23 July 2019 04:12 PM
හොඳ තීන්දුවක් නඩුකාරතුමනි. හැමදාම වෙන්නේ පහත් තැනින් වතුර ගලන එකනේ.
NASRUDIN Tuesday, 23 July 2019 06:02 PM
මව් කුසේ සිට සොහොන් කොත දක්වා නීතියේ ප්‍රතිපාදන බලාත්මකයි
jayath Wednesday, 24 July 2019 04:38 AM
මේ රටේ හැමදාම උනා වගේ වෛද්‍යවරු සම්බන්ද දේ වලදී බොහෝවිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙම තිබියදී මේ මහේස්ත්‍රාත් තුමාටත්, අදිකරණ වෛද්‍ය තුමාටත් අපේ ආචාරය.
Praba Wednesday, 24 July 2019 05:05 AM
එංගලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහිල්ලා සුපිරි ජීවිත ගත නොකර ආසියාවේ ආශ්චර්යය ඇතුළෙ දුෂ්කර ක්‍රියා කරන්න තෝරා ගත්තට හොඳම වැඩේ.
සේන Wednesday, 24 July 2019 05:42 AM
කවුරුත් කියන්නේ තීන්දුව එළ කියලා නේද ? ඒ ගැන ටිකක් ගැඹුරින් බලන්න. ඔය තීන්දුව ආපු තැනින් මීට පෙරත් තීන්දු දීලා තියෙනවා .අපි බලා හිඳිමු. රටම විකල් වුණාම වර්ගවාදය නැගලා යනවා.
DharmasenaWednesday, 24 July 2019 07:46 AM
සහතික ඇත්ත .. මෙන්න මේ ඇතුලේ තියන කතාව දකින්න තරම් ගොඩ දෙනෙක් බුද්ධිමත් නැහැ , කිසි වෛද්‍යවරයෙක් උවමනාවෙන් මිනි මරන්න යන්නේ නැහැ.
buddhiWednesday, 24 July 2019 01:21 PM
ඔව් මේක තමයි ප්‍රොෙෆෂනල් නෙග්ලිගේන් කියන්නේ
සහරාන්Wednesday, 24 July 2019 02:44 PM
වුවමනාවෙන් මිනී නොමැරීමයි. වගකීමක් නැතුව රාජකාරි කිරීමයි දෙකක් නේද? බොහෝවිට බටහිර රටවල නම් වෛද්‍යවරයාගේ සුලු අතපසු වීමකට වුවත් නීතිය දැඩිව ක්‍රියාත්මක වේ. මේ ප්‍රවණතාවය අගේ කළ යුතුයි.
Kamal Wednesday, 24 July 2019 06:21 AM
එංගලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහිල්ලා සුපිරි සුපිරි ජීවිත ගත කරන්න යනවා නම් මහජන මුදලින් ඉගෙන ගත්තට එමුදල් ගෙවල යන්න කියන්න.
pakeer Saturday, 27 July 2019 04:29 AM
මේක මඩකලපුවේ වෙලා දෙමල කෙනෙක් මරුණු නිසා සිංහල අයට මේකේ ගානක් නැහැ. මේක නුවර, කොළඹ ගාල්ලේ වුණා නම් වැඩේ බලන්න තිබුණා. බැලූ බැල්මට පේන්නේ මුස්ලිම් නඩු කාරයෙක් සිංහල දොස්තරලව තද කරනවා වගේ තමයි. එ්කට තමයි නීතිය තියෙන්නේ. ඇත්ත නැත්ත බලන්න. රටේ ඔන්න ඔය නීතිය නැති නිසා තමයි වර්ගවාදය, ජාතිවාදය උපයෝගී කරගෙන එක එකාට ඕනේ විදිහට වැඩ කරන්නේ. රටේ කොහේ වුණත්, කාට වුණත් එක නීතියක් ගේන්න තරම් මේ රට පාලනය කරන උන්ට කොන්දක් නැහැ. මන්ද බුද්ධිකයි. බල කාමයෙන් මත් වෙලා. අවිද්‍යාවෙන් උච්ච වෙලා. එ්ක තේරුම් නොගෙන මිනිස්සු ඔවුන් පස්සෙන්ම යනවා.