(ඩයනා උදයංගනී)
දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සමාජය තුළ දරුවන්ට ඇති ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය කටයුතු ශක්තිමත් කිරීම එහි අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දරුවන් රැක ගැනීම සම්බන්ධයෙන් ඇති අභියෝග පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් ඇති විය යුතු බව කී ජනාධිපතිවරයා රටේ දරුවන් හොඳ පුරවැසියන් හා රජුන් බවට පත්කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ කළ හැකි සියල්ල ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (20) පෙරවරුවේ පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා මුල්‍යාධාර ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් හා ජලය බෙදා හැරීමේ නල පද්ධති නොමැති පාසල් වෙත එම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස හා රැඳවුම් නිවාස වල අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, රංජිත් සෝමවංශ යන මහත්වරු, අධ්‍යාපන නිලධාරීන්, ගුරු මහත්ම මහත්මීහු, පාසල් සිසුහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි
Sathya Wednesday, 20 February 2019 10:49 AM
ජාතික ළමාරක්ෂක අධිකාරිය තියෙන්නේ මොකටද එතකොට. ළමා ආරක්ෂාව එම ආයතනයෙන් සලසන්නේ නැතිද? අරමුදල් පිහිටෙව්වට කමක් නැහැ. තවත් මහජන මුදල් ගිලින ආයතන පිහිටුවන්නේ නැතිව... ගොඩක් ආයතන තමන්ගේ අරමුණු අමතක කරලා දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන එකයි. සේවක සාක්කු තරකර ගැනීමයි විතරයි කරන්නේ...
prabha Wednesday, 20 February 2019 10:54 AM
අරමුදල් කමිටු සහ කොමිෂන් හැර රටට වැඩැති යමක් කරන්න නුවණ පහළ වේවා !!!
sugath Wednesday, 20 February 2019 10:59 AM
හොඳ වැඩක් ! මොකද ඔබ තුමා ගන්නා පියවර ළමා දුෂණ සහ ලිංගික අතවර වලට ? මරණ දඩුවම ඔවුන්ට නැද්ද? එම ළමයි දවස ගානේ මැරි මැරී ඉඅපදෙනවා. දුෂකයෝ අවුරැදු කීපයකින් එළියේ. කිසිමකෙනෙක් මේවා මර්දනයට පියවර ගන්නේ නෑ. කුඩු කාරයොන්ට වගේම දුෂකයන්ටත් මරණ දඩුවම දිය යුතුමයි අන්න එදාට තමයි ළමයි සුරක්ෂිත වෙන්නේ
Nihal Dharmatileke Wednesday, 20 February 2019 11:49 AM
අකිල විරාජ් මැතිතුමා කලේ ඕකයි. සිරිසේන එකේම වෙන නමකින් කරනවා... පුදුම මිනිහෙක්..
ajith Thursday, 21 February 2019 04:20 AM
තවත් හොර ගුහාවක දොර විවර කරන්නයි යන්නේ. කෝප් එකටයි විගනකාධිපතිතුමටයි වැඩ තියෙයි.