(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා(ගේම්) කිහිපයක් පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්ව අවහිර කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)පැවැසීය.
ඒවා අවහිර කිරීම ඉතාම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
ජයමහ මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ජාතික පාසල් බෝඩ් ලෑල්ලට සීමා නොවිය යුතු බවත් එතනින් එහාට කිසි දෙයක් සිදු නොවන බවත් මන්ත්‍රීවරයා කීවේය.
ජාතික පාසල්වලට සම්පත් ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය.
ගුරු මාරු නවත්වා ඇතැයි පැවසූ ජයමහ මහතා ගුරු මාරුවීම් කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
දරුවන් ඇතුළත් කර ගැනීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛත්වයක් හෝ කෝටාවක් ලබාදිය යුතු බවද හෙතෙම පැවසුවේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දරුවන්ගේ ඔළු වනසන මොබයිල් ගේම් අවහිර වෙයි?
M.c.s.මාරසිංහ Tuesday, 04 January 2022 01:01 AM
සැබවින්ම එය හොඳ යෝජනාවකි. අද අපේ රටේ දරුවන් බහුතරයක් මේ ගේම්වලට යොමුවෙලා. ඔවුන් දෙමාපියන්ට අවනත නොවන තත්වයට පත්වෙලා. ඒ නිසා දරුවන් ඉන් බේරාගැනීමට ඇති හොඳම විසඳුම මෙම මාර්ග අවහිර කිරීම බව මාගේ අදහසයි.