(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
රිජ්වේ ළමා රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ කොවිඩ් ආසාදනයවූ දරුවන් තිස් දෙනකු පමණකැයිද හෙතෙම සඳහන් කළේය.
දරුවන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මවුපියන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවද කීවේය.
දරුවන් එන්නත්කරණයට ලක් නොවන පිරිසක් හෙයින් කොවිඩ් වැළඳීමෙන් ඒ අයට බරපතළ සංකූලතා මතුවිය හැකි බවත් කොවිඩ් වැළඳෙන දරුවන් අතරේ බහු ඉන්ද්‍රිය ආසාදනය නමැතිරෝගයක්ද මේ දිනවල පැතිර යමින් තිබෙන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය .
දරුවන්ටද කොවිඩ් වැළඳීම වැඩිවන ප්‍රවණතාවයක් මතුවී ඇත්තේ විශේෂයෙන්ම මේ දිනවල පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය නිසා විය හැකි යැයිද හෙතෙම අවධාරණය කළේය.
දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් බාහිර සමාජයේ සිට වයිරසය නිවෙසට ගෙන නොඒමට වග බලා ගත යුතු බවද දරුවන් බාහිර සමාජය සමඟ මුහුවීමද හැකිතාක් දුරට වළක්වා ගත යුතු බවත් හෙතෙම පැවසුවේය.
කොවිඩ් ආසාදනය වූ දරුවන් දස දෙනෙකු පමණ මේ වනවිට මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දරුවන්ට කොවිඩ් අවදානම වැඩිවේ:දරුවන් අසූවක් ළමා රෝහලේ
Sri Lanka Monday, 02 August 2021 10:07 PM
රට ඇරියම වහන්න කියනවා ,වැහුවාම අරින්න කියනවා ,පාසැල් විවෘර්ත කරන්න හදනකොට කොරෝනා හැදුන අයගේ විස්තර දාලා ළමයි බය කරනවා .මේ හැම දෙයක්ම කරන්නේ ආණ්ඩුව ජනතාවට එපා කරලා බලය ලබා ගන්න