(හර්ෂණ තුෂාර සිල්වා)
දරුවන් විවිධ අවස්ථාවලදී මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවත් ඒවාට වෙන වෙනම, විශේෂිත සහ ඉලක්ක ගත විසඳුම් සැපයිය යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (2) පැවැසීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) එක්ව මෙම දෙදින සමුළුව සංවිධානය කර තිබිණි.
ගැටුම්කාරී සමාජයක ජීවත්වන දරුවන් මුහුණ දෙන අභියෝග සහ පොහොසත් සමාජයක දරුවන් මුහුණ දෙන අභියෝග වෙනස් බවද ඒ අයුරින්ම විවිධ සමාජ සහ ජනකොටස්වල සිටින දරුවන් මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවද ඒ මහතා කීවේය.
කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.
“විවිධ ජන කොටස්, විවිධ සමාජ පසුබිම් සහ සමාජ මට්ටම්වල ජීවත්වන දරුවන් මුහුණ දෙන අභියෝග දුෂ්කරතා වෙනස්. දියුණු සංවර්ධිත රටවල දරුවන් මුහුණ දෙන අභියෝග සහ දුෂ්කරතා තිබෙනවා. දුප්පත් සහ දරිද්‍රතාව උපරිමයෙන් තිබෙන සමාජ පසුබිම්වල සහ ගම්මානවල ජීවත් වෙන දරුවන් මුහුණ දෙන අභියෝග වෙනස්. මේ අභියෝගවලට වෙන වෙනම විසඳුම් සොයන්න ඕනේ. ඒවාට විශේෂිත ප්‍රවේශ සහ ඉලක්ක ගත විසඳුම් සෙවිය යුතුයි. ඒ වගේම විසඳුම් සෙවීමට විශේෂිත කුසලතා ඇති ප්‍රතිපත්ති සම්පාදකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් අවශ්‍යයි. ඒ වගේම මේ විශේෂිත වුවමනාව සහ අවශ්‍යතාව තේරුම් ගන්නා මහජන නියෝජිතයන් අවශ්‍යයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඒ වෙනුවෙන් විශේෂ කැප කිරීම් කළ යුතුයි. විශේෂ වෙහෙසක් මහන්සියක් ගන්න ඕනේ. ඒ වගේම මෙහිදි ආගමික, වාර්ගික සහ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් සංවේදී වෙන්න ඕනේ.
ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ආකෘතියක් ලෙස ගන්න පුළුවන්. අවුරුදු 30ක යුද්ධයේදී අපි අපේ දරුවන් ආරක්ෂා කරගත්තා. එල්.ටී.ටී.ඊ ය සමග පැවැති යුද්ධයේදී අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යනාදී සංවිධාන හා එක්ව දරුවන්ගේ විභාග පැවැත්වූවා. දරුවන් විභාගවලට සහභාගී කෙරෙව්වා. සටන් විරාමවලට එළැඹෙමින් දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් පැවැත්වූවා. ඒ වගේම අපි හැමෝම දරුවන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම එරෙහිව පියවර ගත්තා.
අද වනවිට නව තාක්ෂණයද දරුවන්ට අභියෝගයක් සහ තර්ජනයක් වී තිබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යය. නව තාක්ෂණය, සයිබර් අවකාශය යනාදිය දරුවන්ට අවශ්‍යයි. එහෙත් ඒවායින් තර්ජනයක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා දරුවන්ගේ එම අවශ්‍යතා අපි සැපයිය යුත්තේ දැඩි පරීක්ෂාවෙන් සහ විමසිල්ලෙන්.
වාර්ගික, ජාතික සහ ආගමික සම්ප්‍රදාය තවත් කරුණක්. නූතන සමාජයේ ජීවත් වන දරුවන්ට පැරණි වාර්ගික, ජාතික සහ ආගමික සම්ප්‍රදායන් බලපෑම් කරන්න පුළුවන්. එවැනි පිළිවෙත් සහ සම්ප්‍රදායන් දරුවන්ට අනිසි සහ ඍණාත්මක බලපෑම් එල්ල කරන පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැනි අපි ඉතාම පරෙස්සමෙන් කටයුතු කරන්න ඕනේ.”
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් කුෂානි රෝහණධීර, ජාත්‍යන්තර ළමා අරමුදලේ (යුනිසෙෆ්) කලාපීය අධ්‍යක්ෂ ජීන් ගොෆ්, සාර්ක් ලේකම් කාර්යාලයේ (දකුණු ආසියානු සහයෝගීතාව සඳහා වූ කලාපීය සංවිධානය) සමාජ කටයුතු අධ්‍යක්ෂ රිෂ්ෆා රෂීඞ්, පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, ළමා අයිතිවාසිමකම් සුරැකීමේ ප්‍රඥප්තිය පිළිබඳ නිරීක්ෂණ කමිටුවේ විශේෂඥ සාමාජික ආචාර්ය හිරන්ති විජේමාන්න යන මහත්මීහු සහ තරුණ ක්‍රියාකාරීනි කාවින්ද්‍යා තෙන්නකෝන් යන අය මෙහිදි අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, විශේෂ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීහු, සාර්ක් කලාපයේ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තෙවැනි වරටත් පැවැත්වෙන මෙම සමුළුව වාර්ෂිකව පැවැත්වෙන අතර සමුළුව හෙටින් අවසන් වේ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘දරුවන් මුහුණ දෙන අභියෝගවලට ඉලක්කගත විසඳුම් අවශ්‍යයි’