IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දරුවන් සම්බන්ධ ජරා පින්තූර අන්තර් ජාලයට දැමූ අයෙක් හඳුනා ගනී

(ඉන්දිකා රාමනායක)

දරුවන් සම්බන්ධයෙන් අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප 100 එක් දිනක් තුළ අන්තර්ජාලයට මුදාහරින ලදැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව මුල් විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී මෙම සැකකරු සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.

ඉකුත් ජුනි මස 17වැනි දින සිට 28 දිනයේ දක්වා සිදුකළ එවැනි විමර්ශනවලදී ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන,ඡායාරූප අන්තර්ජාලයට එක් කළ සිද්ධීන් 17629 අනාවරණය කරගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙම සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් හරහා සිදුකරන බවද බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 



අදහස් (4)

දරුවන් සම්බන්ධ ජරා පින්තූර අන්තර් ජාලයට දැමූ අයෙක් හඳුනා ගනී

Raveendra Saturday, 31 July 2021 08:16 AM

අප සියලුම වගකිවයුතු ආයතනවලින් මෙන්ම අදාළ නිලදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන්නන්ගේ සියලු වත ගොත ලිපිනයන්ද, පැහැදිලි ඡායාරූපද ඇතුළත්ව සියලුම මාධ්‍යයන් මගින් සියලු පුරවැසියන්ට දැකබලා ගැනුමට, හඳුනාගැනුමට ඉඩ සලස්වා දෙන මෙන්ය. එය ඔබලා සමාජයට, රටට කරන මහඟු සේවයකි, යුතුකමකි. එසේ කිරීමෙන් මෙම වුවදුරෙන් අප සමාජය බේරාගත හැකි බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

:       0       352

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 08:31 AM

තවතව වැටලීම් කොට, ෆේස් බුක් හා යූ ට්යුබ් එක රටට වැඩදායි දේ බවට පත්කරන්න. මේවායේ අසංවර සමහර දෙනා අසික්කිත වචනයෙන් බනින අවස්ථා බොහෝමයි. මේ කතා වලින් ඇතිවෙන මානසික පීඩා හා අප්‍රසන්න බවින් මේ සමාජ මාධ්‍යයන් බේරාගන්න...

:       0       179

කිරිපුතා Saturday, 31 July 2021 10:21 AM

ළමයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම නරක පින්තූරයක් දාන කෙනෙක් අල්ලා දඬුවම් පැමිණිය යුතුයි. එය සමාජ විනාශයට ප්‍රධාන මගක්. රටට අපකීර්තියක්... ටික් ටොක් කියන විකාරයත් නවතා දැමිය යුතුයි.. මිනිසුන්ගෙ ඔළු හිස් කරන වැඩකට නැති දේවල්මනේ ඒකෙ තියෙන්නේ...

:       50       125

sunanada Saturday, 31 July 2021 03:23 PM

මෙවැනි අමනයින්ට දිය හැකි හොඳම දඬුවම නම්, ඔවුන්ගේ නම්, ගම් ප්‍රසිද්ධ මාධ්‍යයේ පල කිරීමයි...

:       0       81

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 368 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 233 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 148 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 748 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 383 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 380 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 249 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site