IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ වුවද බස් රථයේ පිටුපස වීදුරු බිඳ දමා දරුවන් පිටතට ගෙන ඇති අතර දරුවන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ.

දුම ආශ්වාස වීම හේතුවෙන් 14දෙනකු රෝහල් ගතකළ බව පොලිසිය පවසයි. 47 හැවිරිදි ඉතාලි ජාතික රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

බස් රථයේ ගමන් කරමින් සිටි ගුරුවරියක පවසා ඇත්තේ ඉතාලි රජයේ සරණාගත ප්‍රතිපත්තිය සම්බන්ධව රියදුරා අමනාපයෙන් සිටි බවයි. 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (7)

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ජයරත්න Wednesday, 20 March 2019 07:15 PM

දිවා රෑ මිනිස්සුන්ව කුලප්පු කරන දේශපාලනයෙයි මාධ්‍ය කලාවෙයි ඉක්මන් වෙනසක් නොවුණොත් මනුෂ්‍ය වර්ගයාම සාමුහිකව මානසික රෝගීන් පිරිසක් වෙයි. අපි හැමෝම වෛරය නොඇවිලෙන විදියට වැඩ කරන්න හිතට නොගත්තොත් මේවායේ ප්‍රථිපල විඳින්න වෙන්නේ අපේ දරුවන්ට.

:       104       1056

NuwanThursday, 21 March 2019 12:34 PM

සත්‍ය තත්වය පෙන්වීම වරදක්ද? යුරෝපේ මම ඉන්න නිසා දන්නේ අරාබිකරෙන් අප්‍රිකාවෙන් ආපු මිනිස්සු ඒගොල්ලන්ගේ ආගම අනුව කරන මිනීමැරීම් දූෂණ විශාල වශයෙන් වැඩි වෙලා.

:       0       21

prabha Thursday, 21 March 2019 12:23 AM

ත්‍රස්තවාදින්ට දේශපාලන රැකවරණ දෙන යුරෝපයට මෙය පාඩමක්

:       323       423

karthini Thursday, 21 March 2019 04:00 AM

ත්‍රස්තවාදින්ට දේශපාලන රැකවරණ දෙන නවසීලන්තයටත් මෙය පාඩමක්

:       1       77

de silva berlin Thursday, 21 March 2019 04:21 AM

ත්‍රස්තවාදීන් යුරෝපයේ දේශපාලන රැකවරන් ලැබෙන්නේ, බොහෝවිට ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල අකාර්යක්ෂම විදේශ ප්‍රතිපත්ති නිසාය, උදාහරණයක් වශයෙන් ගතහොත් බොහෝවිට ලංකාවේ තානාපතිවරුන් වශයෙන් එම ක්ෂේත්‍රවල පලපුරුදක් ඇති දක්ෂ නිලධාරීන් නොයවා පරණ දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් යැවීම නිසා , එම රටවල් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වීමත් ජිනිවා වැනි ප්‍රශ්න නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වීමත් නිසා කොටි සංවිධාන වැනි ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයන්ට එම රටවල නිදහසේ ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබී ඇත.

:       0       112

shafeek Thursday, 21 March 2019 04:32 AM

ලොකුම ත්‍රස්තවාදියා ඒ රියැදුරා, ඒ විදිහට කුඩා ළමුන් සමඟ ගිනි තැබීමට කාටද පුළුවන්

:       0       34

Nuwan Thursday, 21 March 2019 12:31 PM

ඕක තමා යුරෝපේ මුණපාන ප්‍රධාන ප්‍රශ්නේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න මුලික වුනෙත් ඔය අරාබි සම්බවයක් ඇති මිනිස්සු වැල නොකැඩි සරණාගත නීති වල හිල් වලින් ඇවිත් කිසිම රැකියාවක් නොකර මහජනතාවගේ බදු මුදල් වලින් කකා බිබී ඉදන් කරන නීති විරෝදී වැඩ. අනික මේ එන මිනිස්සුන්ට ඉස්ලාමය ඒ රටවල පතුරවලා ඒ රටවල් ඉස්ලාම්කරණය කරන්න පුදුම උවමනාවක් තියෙන්නේ. ඒ නිසා අන්‍යාගමිකයන්ට මේ මිනිස්සු කරදර කරනවා.

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 661 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1825 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site