IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දොර කරේ තියන් පාර මාරුවූ වඩු කාර්මිකයා ලොරියේ ගැටී මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව ගරායක්ගම ප්‍රදේශයේදී ලොරි රථයක ගැටුණු වඩු කාර්මිකයකු මරණයට පත්වී ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ ආණමඩුව ගරායක්ගම පදිංචි 59 හැවිරිදි ගුනරත්න බණ්ඩා නැමති තිදරු  පියකු බව කියයි.
 
වඩු කාර්මිකයා සිය වඩුමඩුවේ සකසන  ලද දොරක්  ඉදිරිපිට නිවසක සවි කිරීමට තනිවම දොර කර තබා පාර මාරු වෙමින් තිබියදී, අධික වේගයෙන් පැමිණි ලොරි රථයේ ගැටී අනතුරට ලක්වී තිබු බව පොලිසිය කියයි. අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ඔහු ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන  විටත් මරණයට පත්වී සිටි බව රෝහල් බලධාරීහු කියති.
 
අනතුරට සම්බන්ධ ගඩෝල් ලොරි රථය ආඩිගම සිට ආණමඩුවට ගඩොල් රැගෙන යාමට එමින් තිබී ඇත.
 
 ආණමඩුව පොලිසිය විසින්  ලොරි රථයේ රියදුරා   අත්අඩංගුවට ගනු ලැබ තිබේ.



අදහස් (3)

දොර කරේ තියන් පාර මාරුවූ වඩු කාර්මිකයා ලොරියේ ගැටී මරුට

සෙනෙවිරත්න Friday, 14 August 2020 10:17 AM

ලොරි කාරයා වැරදි ඇති. ඒත් යම්යම් දේවල් කරතබා ප්‍රසිද්ධ මාර්ගවල යනඅය අනිත් අය ගැන සැලකිල්ලක් නැහැ. වරක් දිග බංකුවක් කර තබාගෙන යන්නෙක් යාරයක් පමණ ඉදිරියේදි කර මාරු කලා වටයක් කරකවමින්, යන්තමින් බේරුනේ. ඒ වගේම රටේ දුවන යතුරුපැදි, ස්කූටර්වල 80%ක් පමණ රාත්‍රී කාලයේ දැල්වෙන රතු ලාම්පු අක්‍රීයයි. තමන්ම අනතුරේ හෙලීමක්..

:       14       32

ගල් බමුණා Friday, 14 August 2020 11:51 AM

ඔය කාටුන් එකේම පේනවනේ, දොරක් අරන් යනකොට එක පැත්තක් පෙනෙන්නේ නැහැ. දොර බරෙන් අධිකනම් අනිත් පැත්තත් බලාගන්න අමාරුයි, වඩු කාර්මිකයා තමන්ගේ මෝඩකමට වන්දි ගෙව්වේ ජීවිතෙන්, ඔහොම මෝඩ විදිහට පාර පනින උදවිය මම අනන්තවත් දැකලා තියෙනවා. මේකෙන් මම කියන්නේ නැහැ ලොරි රියදුරු හරි කියලා. නමුත් පාර පනිනකොට පදිකයාගේත් විශාල වගකීමක් තියෙනවා.

:       0       42

අනුර Friday, 14 August 2020 02:41 PM

ස.ජ.බ. පාක්ෂිකයින්ට දැන් පාරේ යන්නවත් හරිහමන් සිහියක් නැහැ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 0 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 183 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 118 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 591 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 303 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 305 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site